ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Wednesday, December 5, 2012

ලක‍්ෂ 06 ක් ජනතාව නිරපරාදේ මිය යෑම



දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන නිසා  සාමාන්‍ය මහජනතාවට සිදුවන හානිය දිගින් දිගටම සානථ වන තත්ත්වයක් හමුවේත් මිනිමරු දුම්කොළ කර්මාන්තය යෙහෙන් වැජඹීම අතිශය කණගටුදායකය . මේ සම්බන්ධ මෑතක කරුණු හෙළිදරුව් කිරීමක් කරනු ලැබුවේ වෛද්‍ය සංගමය විසිනි. ලොව පුරා මිලියන 06ක් දුම්කොළ භාවිතයෙන් මිය යන බවත් එයින් ලක‍්ෂ 06ක් ජනතාව මිය යන්නේ දුම් නොබන නමුත් දුම්වැටි මාරයාට ගොදුරු වීමෙන් බව ශ්‍රීලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහචාර්ය වජිර දිසානායක මහතා ප්‍රකාශ කරයි. (දිවයින 12.05.2012)

Monday, September 24, 2012

මෙහෙම වෙනකොට විශ්වාසය ?


    රජයක් ප්‍රතිපත්තිමය කරුණු වලදී  ඉන්නා ස්ථාවරය රටක සංවර්ධනයේදී  ඉතාම වැදගත් සාධකයක් වන්නේ එහිදී ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා තරමටමය.  මතට තිත වැනි සංකල්පයක් ඉදිරිපත් කිරීමේදී  මෙම සාධකය ඉතා ඉහළින්ම  තිබීම අතිශයින්ම වැදගත් වන්නේ විවිධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විසින් ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වල අවසන් ප්‍රතිපලයටය. මත්පැන් නව නිෂ්පාදන සමාගම්    23 ක්  නිෂ්පාදන කටයුතු ඇරැඹීමට සුදානම් වන බවත්  ඉකුත් වසරේ මෙරට තුළ සැර මත්පැන් ලීටර මිලියන 53 .8 ක් නිපදවා ඇති අතර එය  2010 වසරට සාපේක්‍ෂව ලීටර මිලියන 4.8 වැඩි වීමක් බවත් සුරාබදු කොමසාරිස්වරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාවේ සඳහන් වේ. එසේම  2011 වසරේ බියර් ලීටර මිලියන 87.4 ක් නිෂ්පාදනය කර ඇති අතර එය 2010 වසරට වඩා ලීටර මිලියන 14.1 ක වැඩි විමකි.  මේ තොරතුරු සාමාන්‍ය මහජනතාවගේ බලාපොරොත්තු සමග විශාල පරස්පරයක් පවතී. මත්ද්‍රව්‍ය පාලනයට එරෙහි වන්නන් විසින් මේ තොරතුරු පාදක කරගෙන  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රවාදයන් නිර්මාණය කොට එම මතයන් සමාජ ගත කිරීමට උත්සහ නොගත්තොත් එය පුදුමයකි . දැනටත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලදී බොහෝ විට මතුව එන්නේ එවැනි සමාජ ගත වූ මතවාදයන්ය.  උදාහරණයක් ලෙසින් වරක් මත්ද්‍රව්‍ය පාවිව්වි කළහොත් එය නැතුවම බැරිය යනු සමාජ ගත අදහසකි. එවැනි අදහස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ඉන් ගැලවීමට ඇති ප්‍රධාන බාධකයක්ද වන්නේය. තරුණ තරුණියන් මත්ද්‍රව්‍යයට යොමු වීමටත් එම ඇබ්බැහියෙන් මිදිමටත් ඇති ප්‍රභල බාධකයක් වන්නේ  එවැනි සමාජ ගත අදහස් බව  මත්ද්‍රව්‍ය ක්‍ෂෙත්‍රයේ  කටයුතු කරන අය දනිති.

   සුරාබදු කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් ඉදිරිපත් වන කරුණු නිවාරණ වැඩසටහන් වලදී ප්‍රභල ලෙස ඉදිරිපත් වනු ඇත. වැඩසටහන් ඉදිරිපත් කරන්නන් විසින් එම කරුණු සහා මනා සුදානමක් ඇතිව සහභාගීවිම මේ මොහොතේදී සිදුවිය යුත්තක් බව විශ්වාස කරමි. එසේ නොවන්නේ නම් ඉතා සාර්ථක නිවාරණ වැඩසටහන් පවා හෑල්ලුවට ලක්වීම නොවැළක්විය හැක්කකි. කොච්චර කරත් ඔච්චර තමා වැනි  නිෂේධාත්මක කරණු මහජන මනසට ඇතුල්විමට පෙර නිවාරකයන් ක්‍රියාත්මක විය යුතුය. 

Sunday, August 19, 2012

Friday, May 25, 2012

Saturday, April 28, 2012

කෙල්ලො ළඟ හිටියත් දුර හිටියත් දාලා ගියත් අපි නම් යයි බාර් !!!!!!



    විහිළු කිරීමෙත් සිමාවක් පවති.එහෙත් දුම්වැටි කර්මාන්තය ඇතුළු සියළු මත්ද්‍රව්‍ය කර්මාන්තය හැසිරෙන ආකාරය දෙස  බලන විට ඒවායේ හැසිරීමේ උපායශීලීතාවය වැඩි දියුණු කර  ඇත. විවිධ අණපනත් හා සීමාකම් නිසා ‍මත්ද්‍රව්‍ය කර්මාන්තය දුර්වල වන සැම විටකම උපායශීලී ප්‍රචාරයන් හුන්වා දී ඇත. සයිබර් අවකාශය තුළ අද දින වන විට මත්ද්‍රව්‍ය කර්මාන්තය වෙනුවෙන් දැන හෝ නොදැන කටයුතු කරන බොහෝ  අය සිටිති. මේ එවන් දැන්වීමකි.


 මෙහි හුදු අර්ථය පමණක් සළකන්නේ නම් තරුණියන් නිසා තරුණයන් අතරමංවන බවත් එහි අවසානය විය යුත්තේ බීමත් කමින් බවත්ය. මෙම මතය සමාජ ගත කිරීමේ අදහස ඇති මෙම දැන්වීම මේ දිනවල සයිබර් අවකාශය පුරා පැතිර යමින් පවති. මෙය  නිර්මාණය කළ අය වෙනත් අර්ථයක් ජනනය කරන්නට උත්සහ කළත් යෞවන යෞවනියන්  එකිනෙකා අතර  ඇති වන විරසකයන් ,අමනාපකම්, නොහොදනෝක්කඩු  විසඳා ගැනීමේ ක්‍රමවේදය ප්‍රචලිත නොකර අරක්කු සිගරට් ගැන ප්‍රචාරයක් ලබා දෙන්නේ ඒ ගැන නොදනුවත් කමින්ද එසේ නැත්නම් එකී කර්මාන්තයට සේවය කරන සේවකයෙක් ලෙසින්ද ? කවර නිර්මාණයකත් ඉදිරිපත් විය යුතු අර්ථය වන්නේ ජනතාව දැනුවත් කමින් අවබෝධයෙන් ඉදිරියට ගෙන යෑමය. එසේ නොවී සමාජය අන්දන ක්‍රියාකාරකම් සමජ හිත සුව පිණිස නොවන්නේය.

Sunday, April 15, 2012

ඔබට උදව් කරන ජාතික ආයතන 34ක් - ජාතික ප්‍රතිඵත්තිය

     ප්‍රතිඵත්තියක් තිබෙන්නේ අප කටයුතු කරන ක්ෂේ ත්‍රයේ වපසරිය ගැන දැන ගැනිම සඳහාය.පසුගිය කාලය පුරාවටම අපත් සමග කටයුතු කරන බොහෝ දෙනෙක් ප්‍රකාශ කලේ මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළද ඒ සම්බන්ධයෙන් ඇති ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ  අවබෝධය ප්‍රමාණවත් නොවන බවය. මත්ද්‍රව්‍ය දුර්භාවිතය  , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය අනුව එය ජතික මට්ටමෙන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මුලික වන මත්ද්‍රව්‍ය  ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රධාන පාර්ශවකරුවන් ගණන 34කි. එම සියළු ප්‍රධාන පාර්ශවකරුවන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග සමීප සම්බන්ධතාවයකින් යුක්තව කටයුතු කරනු ඇත.
   මත්ද්‍රව්‍ය දුර්භාවිතය  , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය මෙතැනින් ලබා ගන්න .
   මීලඟ අවස්ථාවේදී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ලයේ ක්‍රියාකාරිත්වය හා එය සපයන සේවාවන් විමසා බලමු.

   ඔබගේ අදහස් උදහස් අපි ඉතාමත්ම අගය කරමු .

Friday, April 13, 2012

ඔබ සැමට සුභ නව වසරක් වේවා !!!!!

ඔබ සැමට සුභ නව වසරක් වේවා !!!!!