ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Monday, March 5, 2012

පෙට්ටිය මෙහෙමයි මීට පස්සේ - නව නීති දෙකක්



   අප පසුගිය ලිපියෙන්ද පෙන්නා දුන් කරුණක් පිළිබව මහජනතාව වෙත මාධ්‍ය මගින් තොරතුරු ලබා දෙමින් පවති. යළිත් වරක් අවධාරණය වන්නේ සිගරට් පැකට් වල දුම්පානය නිසා ඇති වන හානී පිළිබව සෞඛ්‍යමය රූප ඇතුළත් කිරීමත් ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය තහනම් කිරිමත් නව නිති දෙකක් මගින් සිදු කිරීමට නියමිත බවයි. මෙමගින් දුම්පානය නොකරන (අක්‍රීය දුම්පානය )  පිරිස ආරක්‍ෂා කිරිම මුලික අභිප්‍රාය වි ඇත. සෞඛ්‍යමය රූප පැකට්ටුවෙන් 50% ක් ආවරණය වන ප්‍රදර්ශනය විය යුතුය. 

   අක්‍රීය දුම්පානය යන්නෙන් අදහස් වන්නේ දුම්පානය නොකළත් දුම්පානය කරන්නෙකු අසළ සිටියදි ඇති වන තත්ත්වයයි. මෙහිදි දුම් පානය නෙකරන්නන්ටද දුම්පානය කිරීමේදී සිදුවන අන්දමේම හානියක් සිදුවේ.දුම්පානය කරන්නන් පිට කරන දුම් ආග්‍රාණය කිරීමෙන් ළදරු මරණ , පිළිකා , හෘද රෝග , හා පෙනහලු රෝග වලට  ගොදුරු විය හැකිය.  දුම්වැටියක හානිදායක රසායන ද්‍රව්‍ය 4000ක් පමණ අඩංගුය. ඉන්  40 % පමණ  සෘජුවම පිළිකා ඇති කරන ඒවා වේ. දැනට පිළිකා රෝග වලට  ගොදුරු වී ඇති පිරිසෙන් 40 % ක් පමණ දුම්පානය නිසා රෝගි වූ අය බව ද හුනාගෙන තිබේ.

Saturday, March 3, 2012

ඔබට අනිවාර්ය රුපියල් 50000 ක දඩයක් සහ වසර 2ක් දක්වා සිර දඬුවමක් . ලේසිවෙන්නේ නෑ........



   කවර රජයක් යටතේ හෝ සංවර්ධනාත්මක ඉලක්කයන් අරමුණු කරගෙන විවිධ නිති අණපණත්  අලුතෙන් හුන්වා දීම  කරනු ලබයි. නිති අණ පණත් කොපමණ තිබුණද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම අපට අද දවසේ අත්විිමට ඇති ගැටළුවයි.එහෙත් මධ්‍යසාර හා දුම්කොළ පනත ඉදිරිපත් කළ දින සිට එයට එකතු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් ජනතා සංවාදයක් ඇරැඹී තිබුණේ සුභවාදී වෙනසකට මංපෙත් විවර කරමිනි. ඇතැම් විට දුම්කොළ සමාගම් විසින්ම මෙම පනතේ කොටස් උපුටාගෙන තම බඩගෝස්තර වාදී ප්‍රචාරණය කරගෙන ගියේ ඉතාම නිර්ලජ්ජිත අකාරයෙණි.ඇතැම් විට ඔවුන් ව්‍යාපාරික මහතුන් තරු හෝටල වලට කැවා පනතට හසුනොවන අකාරයට දුම්වැටි හා මධ්‍යසාර විකුණන්නේ කෙසේදැයි වැඩමුළු පවා පවත්වා ඇත. පනතෙන් දුම්වැටි හා මධ්‍යසාර විකිණීම තහනම් කර තිබියදීත් පනතේ මුල්පිටුව විශාල කොට ආකර්ශණීය දැන්වීමක් ලෙස සකසා අවුරුදු 18 න් පහළ අයට දුම්වැටි විකුණනු නොලැබේ යනුවෙන් වෙළ ස්ථානයේ ඇස් මට්ටමින් පුවරුවක් ප්‍රදර්ශණය කිරීමට තරම් බහුජාතික සමාගම් ක්‍රියාකොට ඇත.
   එයින් ඔවුන් ඇවීමට උත්සහ කොට ඇත්තේ තමන් පනතට අනුගත බව නොවේ නම් වෙන කුමක්ද ? පුවරුව දෙස මතුපිටින් බැලූබැල්මට නිත්‍යානූකූල වැඩකි. එහෙත් යටින් කියවෙන්නේ පුවරුව ඇති ස්ථානයේ දුම්වැටි අලෙවි කරනු ලබන බවකි. අනෙක් අතට ඇස්මට්ටමෙන් මෙය ප්‍රදර්ශනය තබා ඇත්තේ වෙළෙ ස්ථානයට ඇතුළුන වන කුඩා දරුවන්ගේ අවධානය දිනා ගනු පිණිසය.
  දුම්කොළ හා මධ්‍යසාර පාලන පතන යටතේ ‍මේ වන විට මහජනතාව ගැවසෙන ස්ථාන වල දුම්කොළ හා මධ්‍යසාර භාවිතය  මුළුමනින්ම තහනම් කර ඇත.රුපියල් 2000 සිට50000 දක්වා දඩයක් හෝ වසරක් හෝ වසර 2ක් දක්වා කාලයක් තුල සිර දුවමක් හෝ ඒ දෙකටම යටත් කරන ආකාරයට නීතිය සංශෝධනය කෙරෙනු ඇත. මහා මාර්ග වල දුම්පානය කරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ඉදිරියේදී නීති සංශෝධනය කරන වන සෞඛ්‍ය අමාත්‍යාංශය සහන් කර සිටියි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවේදනය පරිදි දුම්කොළ හා මධ්‍යසාර පාලන පතන යටතේ මේ වන විට ඉටු වී ඇති කරුණු  කෙරෙහිද අපගේ අවධානය යොමු විය යුතුය.
  • වසර 2011 දී පොලිස් දෙපාර්තමේන්තුව මගින් පමණක් දුම්වැටි හා මධ්‍යසාර භාවිතා කිරීම සම්බන්ධයෙන් රුපියල් දසලක්‍ෂ 101 ක මුදලක් දඩ වශයෙන් අය කර ගැනීමට සමත්ව තිබේ.
  • මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දුම්වැටි හා මධ්‍යසාර පාලන වැඩසටහන අන්තර්ජාතික ඇගයීමට  ලක් වී ඇත.
  • මේ වැඩසටහන අධ්‍යයනය කිරීම සහා ලෝකයේ විවිධ රටවල ජනයා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියි.
  • ලංකාවේ ක්‍රියාත්මක දුම්කොළ හා මධ්‍යසාර පාලන වැඩසටහන සහ එම නිති රාමුව වියට්නාමයේද ක්‍රියාත්මක කෙරේ.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන ලද දුම්වැටි හා මධ්‍යසාර පාලන අන්තර්ජාතික ප්‍රඥප්තියට ආසියානු රටවල් අතරින් පළමුවන ස්ථානයටත් ලෝකයේ රටවල් අතරින්පළමුවන ස්ථානයටත් ලෝකයේ රටවල් අතරින්  4වන ස්ථානයටත් අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකාවයි.
  • දුම්වැටි හා මධ්‍යසාර භාවිතය ඉහළ යාම හේතුවෙන් 20 වන ශත වර්ෂය අවසන් වන විට ලොව පුරා පුද්ගලයන් කෝටි 100 ක් මිය යනු ඇත.
  • ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග වලින් දිනකට පුද්ගලයන් 350ක දෙනා මිය යන අතර එම මරණ වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ දුම්කොළ හා මධ්‍යසාරයි. 
  • පිළිකා රෝගින්ගෙන්   10% ක්ම හේතු වී ඇත්තේ දුම්කොළ හා මධ්‍යසාර භාවිතයයි.

Friday, February 24, 2012

ලංකාව දුප්පත් රටක් කිරීමට ඔබත් හවුල්ද ? ඔබට මරණ සහතිකය සමග පිටරටට දිනකට රුපියල් කොටි 15 ක් !



   ලංකාව දුප්පත් රටක් කියල අපිට කුඩා කාලයේ ඉලා උගන්වන දෙයක් . කිසිම සම්පතක් නැති සිංගප්පූරුව අපි අබිබවා ගිය හැටි ඕනැ තරම් අපි අහල තියෙනවා. එත් ලංකාව අද තියෙන දුප්පත්කමේම රැි සිටීමට අපේම ක්‍රියාකාරකම් හේතුවෙලා තියෙනවා කියලා කිව්වොත් සමහර විට පිලිගැනීමට ඔබ මැලි වේවී. නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර ඇති පරිදි  විදේශ සිගරට් සමාගම් වෙත දිනකට රුපියල් කෝටි 15 ක් ඇදී යෑම සුළු පටු දෙයක් නොවේ. මසකට එම මුදල රුපියල් කෝටි 450 ක පමණ වෙනවා. දේශපාලන පාට කණ්නාඩි වලින් තොරව බලන්නේ නම් මේ අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය හැකි මුදලක් නොවේද ?  
  සිගරට් බොන මිනිස්සු ඇත්තටම සිගරට් බීලා කරන්නේ ලංකාවේ මුදල් පිටරටට පැටවීමක් .සිගරට් බොන මිනිස්සු  උගසට තියලා තියෙන්නේ ඒ අයගේ ජීවිත විතරක් නෙවෙයි. සිගරැට්ටුවක් ජීවිතේට කටේ තියන්නේ නැති අයගේත්  ජීවිත මේ විදිහට උගසට තැබීම කොතරම් අසාධාරණයක්ද ? අපේ රට ‍ලෝකෙට ණය කාරයෙක් කරන්න සිගරට් බොන අය ලොකු දායකත්වයක් දරණ බව දැන් පැහැදිලිය. ඔබ අසළ සිට දුම්වැටියක් උරන්නා ඔබත් දුප්පතෙක් බවට පත් කරන මේ විෂම චක්‍රයෙන් වහාම ගැලවීමට කල් පැමිණ ඇත.දුම්වැටි භාවිතයට එරෙහි වීමට ඔබට පැහැදිලි අයිතියක් ඇත.

  අනෙක් අතට ඔබ මොහොතක් සිතුවාද මේ විදේශ රටවල් ලංකාවෙන් දිනකට රුපියල් කෝටි 15 ලබා ගන්න කොච්චරක් නම් දේවල් කරනවා ඇත්ද ?  ඔබට මරණ සහතිකයක් හිමි අතර එම රටවලට රුපියල් කෝටි 15ක්. ගනුදෙනුව කොහොමද නරක නෑනේද ? . ඔබ කොයිතරම් මුලාවකට පත්වෙලාද ඉන්නේ ? ඔබ කොයි තරම් බොරුවකට හසු විය හැකිද ? මේ බොරුව පරාජය කරලා අපි හැමෝම මේ රටේ සංවර්ධනයේ කොටස් කරුවෝ වෙමු.

Sunday, February 19, 2012

බීමේ ඇත්ත - මෙන්න දඬුවම ජිවිතාන්තය දක්වා සිර දඬුවම හෝ මරණ දඬුවම

    මත්දුව්‍ය ප්‍රවාහනයට හෝ වෙළාමට යොමු වන්නන් (ල තබා ගැනීම ද ඇතුලත්ව ) ඒ පිළිබව ලංකා නීතියේ ඇති දුවම් පිළිබව නොදන සිටීමද පුද්ගලයන් ඒ සහා යොමු වීමට හේතුවක් බැව් හිතවතෙකු පසුගිය දිනෙක පවසා සිටි නිසා නීති පොතේ ඇති දුවම් පිළිබව දැනුවත් කිරිම සුදුසු යැයි සිතේ.

    අප පසුගිය අවස්ථාවල සාකච්ජා කරමින් සිටියේ මත්ද්‍රව්‍ය භාවිතය ඉතා නීරස අපුසන්න පුගුප්සාජනක දෙයක් වුවත් එය පුද්ගලයන් රසවත් දෙයක් බවට පත් කර ගැනීමට බලපාන හේතු ගැනයි.අප වෙත අදහස් දැක්වූ සහෘදයන් ද ප්‍රකාශ කර සිටියේ කවර මත්ද්‍රව්‍යයක් වුවද භාවිත අත්දැකීම ඉතා නීරස එකක් බවයි.එසේ නම් ඉහත සටහනෙන් දක්වා ඇති පරිදි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ල තබා ගැනීම සම්බන්ධයෙන් ද දරුණු දුවම් පැනවීමට හැකියාව තිබුනද මත්ද්‍රව්‍ය යළි යළිත් භාවිතා  කිරිමට තරම්   "  රසවත් "  වී ඇත්තේ කවර
 හේතු නිසාද ? ඔබේ අදහස් සටහන් කිරිමට අමතක නොකරන්න.

Monday, February 6, 2012

ඒ අතරට ලිංගික අප්‍රාණිකත්වයත් - යළිත් වෛද්‍ය මතය තහවුරු කෙරේ.විවාහයට සුදුසුම සැමියෙකු සොයා ගැනීම තරුණියන්ගේ අද දවසේ වගකීමයි.

   මහනුවර නගරයේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම  උදෙසා යනුවෙන් නම් කරන ලද  පත්‍රිකාවක් මේ දිනවල මහනුවර නගරයේ බෙදා හරිනු ලැබේ.එය නිකුත් ‍කොට ඇත්තේ මහනුවර ‍‍වෛද්‍ය සංගමයයි. 1964 වර්ෂයේ පිහිටුවන ලද මහනුවර ‍‍වෛද්‍ය සංගමය , වෛද්‍ය සංගම් අතරින් ක්‍රියාශීලිම වෛද්‍ය සංගමය වන්නේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය විද්‍යාව හදාරණ සිසුන්ගේ දැනුම වැඩි වීම සහ වෛද්‍ය පර්යේෂණ කිරීමත් මහනුවර   ජනතාවගේ සෞඛ්‍යයට බලපාන  අහිතකර හේතුන් අවම කර ගැනීමට ජනතාවට සහාය දීමත් යන කරුණු නිසා. පිවිසුමේ හිත‍වතෙක් එම පත්‍රිකාව අප වෙත ලබා දුන්නේ පිවිසුමේ සියලූම සහෘද හිතවතුන් හිතවතියන් වෙත එම කරුණු යොමු කරන ලෙස කරන ලද ඉල්ලීමද සමගයි.මහනුවර වෛද්‍ය සංගමය හුනාගන්නා ලද අහිතකර සෞඛ්‍ය තත්ත්වයක් සහා බලපාන මූලික කරුණු මෙසේය.
1.මාරාන්තික ඩෙගු උණ
2. මාරාන්තික ජලභීතිකාව
3.ජංගම දුරකථනයෙන් වන හානී
4.නොසැලකිලිමත් කම නිසා වන මාර්ග අනතුරු
5.අහිතකර ආහාර ගැනීම
6.මත්පැන් හා දුම්පානය
7.විශාදය නොහොත් මානසික අවපීඩනය
8.ලිංගාශ්‍රිත රෝග
 ඉහත සියලූම තත්ත්වයන් අද වන විට අප සමාජයේ අවධානය දැඩිය යොමු කළ යුතු කරුණු ලෙසට වෛද්‍ය සංගමය අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ අත්දැකීම් සමගිනි.ඔවුන් ප්‍රතිකාර කරණූ ලබන වැඩි දෙනෙක් ඉහත තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් වීම එයට හේතුව වේ.
  පිවිසුමේ අවධානය යොමු කරනු ලබන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය මතය අප විසින් අවස්ථා කිහිපයකදීම උපුටා දක්වන ලද අතර මෙහිදී එම තත්ත්වයන් යළිත් වරක් කරළියට පැමිණ ඇත.
  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කවර ආශ්වාදජනක තත්ත්වයක් දැන හෝ නොදැන නිර්මාණය කිරීමෙන්  කරනු ලබන්නේ අනාගත පරපුර විශාල ආගාධයක ඇද දැමීම බව මෙමගින් තවදුරටත් පැහැදිලි වේ.වර්ෂයට 20000 පමණ දුම්වැටි භාවිතය නිසා පමණක් මිය යන අවස්ථාවක දුම්වැටි කර්මාන්තය දිගින් දිගටම පවත්වා ගෙන යැමට නම් කවර හෝ ක්‍රමයකින් කර්මාන්තයේ අරමුණ වන්නේ දුම්බොන්නන් බවා ගැනීමය.
   මෙමගින් නොකියා කියැවෙන යටි අර්ථයක්ද ඇති බව විශේෂයෙන්ම තරුණියන් දැන ගත යුතුව ඇත. එනම් තම විවාහය සහා සුදුසු සැමි‍යෙකු තෝරා ගනු ලබන්නේ නම් ඔහු දුම්වැටි ඇතුළු සියළු මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටින අයෙකුද යන්නත් විමසා බැලිය යුතු වෙයි.දුම්වැටියක් හෝ කවර හෝ මත්ද්‍රව්‍යයක් පුද්ගලයෙකු භාවිතය පළමු වරට පටන්ගන්නේ තමන් ඊට ඇබ්බැහි නොවන බවත් අදට පමණක් එය භාවිතා කරනවාය යන සිතුවිල්ලෙනි.නමුත් ඇබ්බැහි වූ සියලු දෙනාගේම පළමු ආරම්භය ඇරැඹී ඇත්තේ එසේය. ඉහිට හෝ දුම්වැටි ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍යය භාවිතා කරන්නෙකු හා විවාහය සහා නුසුදුසු වන්නේ ඇයිදැයි බොහෝ අය දැනුවත්ව සිටියත් තවමත් මේ කරුණ අමතක කර විවාහා වී ජීවිතය අකාලයේ විවන අයද නැත්තේ නොවේ. මත්ද්‍රව්‍ය භාවිතය නිසා මනස විකෘති වීම,වලිප්පුව,  හදිසි මරණ ,මොළය හැකිලීම,ස්නායූ රෝග හා හෘද රෝග ,අක්මාව දිය වීම,ලිංගික අප්‍රාණිකත්වය,ශ්වසාන ආබාධ,ආඝාතය ඇතුළු රෝග ගණනාවක් සමග අද දවසේ ජිවිතය ඉතාම දුෂ්කරව ගෙන යන අය ඔබ  ඕනෑ තරම් දැක ඇත. ඔබට විවාහා  වන්නට අවශ්‍ය වන්නේ එබු රෝගියෙකු සමගද?
  අද දවසේ තරුණියන්ගේ වැඩිම ආකාර්ශණය ඇත්තේ  දුම්වැටි ඇතුළු සියළු මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටින  තරුණයන් ගැන බව නොරහසකි.
  වෛද්‍ය සංගමයේ පත්‍රිකාව මෙතැනින් බලමු.

Wednesday, February 1, 2012

ලිංගික බෙලහීනතාවන් මග හැරීමට පහසු මගක්

   අප මේ දින වල සාකාච්ජා කරමින් සිටි කරුණු වලින් පිට වුවත් මේ මතෘකාව ඉදිරියේදි ගැනීමට බලපොරොත්තුවෙන් හිටියේ.කෙසේ වෙතත්  අරෝග්‍යා  රාවේ පළ කරන ලිපියකින් (2012.02.01) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙටිටිආරච්චි මහතා දක්වන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරිම , අරක්කු දුම්වැටි හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ තත්ත්වය ඉතා පැහැදිලිව හුනාගැනීමට අපට මනා පිටුවහලක් සපයනවා. අප මේ දින වල සාකච්ජා කරමින් සිටින්නේද පුද්ගලයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැනයි.
        " මත්පැන් ,මත්ද්‍රව්‍ය  ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා කරන අයත් අප අතර සිටිනවා.ඇත්තෙන්ම මෙය උත්තේජකයක් නෙවෙයි.නමුත් බෙහෝ කාම අපරාධකරුවන් මේවා පාවිච්චි කරන්නේතම ලැජ්ජා බය දෙක නැති කර ගැනීමටයි. නමුත් මෙහි ඇති සත්‍ය කතාව නම් දිගුකාලිනව මත්පැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ලිංගික බෙලහීනතා රෝග ලක්‍ෂණ ඇති විමයි.  "

   මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සමාජයේ පැතිරී ඇති එක් වැරැදි විශ්වාසයක් වන්නේ එය ලිංගික වශයෙන් උත්තේජනයක් සපයන බවයි. එහෙත් වෛද්‍ය හෙට්ටිආරච්චි මහතා එම අදහස සෘජුවම ප්‍රතික්‍ෂෙප කරසිටිනවා. දුම්වැටි මද්‍යසාර ඇතුළු සියළු මත්ද්‍රව්‍ය භාවිත කරන අය වැඩි කලක්  නොගොසින්ම ලිංගික රෝගීන් වන බව මේ අනුව අවබෝධ කර ගැනීම වැදගත්. අප පසුගිය ලිපියෙන් ප්‍රකාශ කර සිටි පරිදි කිසිම රසයක් ප්‍රියතාවක් නොමැති මත්ද්‍රව්‍ය "රසවත්" කරවන බාහිර සාධක රාශියක් අප වටපිටාවෙ තිබෙන බවට වෛද්‍ය හෙට්ටිආරච්චි මහතා ගේ පැහැදිලි කිරීමෙන් යළිත් වරක් සනාථ වෙනවා. පසුගිය කාලයේ ප්‍රචාරය වූ කදිම මත්ද්‍රව්‍ය නිවාරණ වැකියක පාඨයක් වූයේද විවාහය සහා පුද්ගලයන් තෝරා ගැනීමේදී දුම්වැටි ඇතුළු සියළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර අය තෝරා ගැනීම කාන්තා පාර්ශවයේ හිතසුව පිණිස වන බවයි.
 ලිංගික බෙලහීනතාවයෙන් වැළකීමට නම් සියළු මත්ද්‍රව්‍යයන් භාවිතා කිරිම නවත්වා දැමීය යුතුයි.
එම ලිපිය මෙතැනින් කියවමු.