ප්‍රතිඵත්තියක් තිබෙන්නේ අප කටයුතු කරන ක්ෂේ ත්‍රයේ වපසරිය ගැන දැන ගැනිම සඳහාය.පසුගිය කාලය පුරාවටම අපත් සමග කටයුතු කරන බොහෝ දෙනෙක් ප්‍රකාශ කලේ මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළද ඒ සම්බන්ධයෙන් ඇති ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධය ප්‍රමාණවත් නොවන බවය. මත්ද්‍රව්‍ය දුර්භාවිතය , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය අනුව එය ජතික මට්ටමෙන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මුලික වන මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රධාන පාර්ශවකරුවන් ගණන 34කි. එම සියළු ප්‍රධාන පාර්ශවකරුවන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග සමීප සම්බන්ධතාවයකින් යුක්තව කටයුතු කරනු ඇත.
මත්ද්‍රව්‍ය දුර්භාවිතය , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය මෙතැනින් ලබා ගන්න .
මීලඟ අවස්ථාවේදී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ලයේ ක්‍රියාකාරිත්වය හා එය සපයන සේවාවන් විමසා බලමු.
ඔබගේ අදහස් උදහස් අපි ඉතාමත්ම අගය කරමු .
ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න
Sunday, April 15, 2012
Friday, April 13, 2012
Monday, April 9, 2012
පිරිමින්ට ලිංගික දුබලතා සිදුවිය හැකි තුන් අකාරයක්

පිරිමින් අතරේ සිදුවන ලිංගික දුබලතා ගැන අපට විවිධාකාර කරුණු අසන්නට ලැබෙනවා.එහෙත් විද්‍යාත්මක පදනමකින් එම කරුණු පිළිබඳ කරනු ලබන පැහැදිලි කිරීම් දක්නට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. අනාගතයේදි විවාහා වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණියන් ගේ විශේෂ අවධානය යොමු වන පරිදි කායික රෝග වෛද්‍ය විශේෂඥ කේමින්ද තිලකරත්න මහතා , මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්ට සිදුවිය හැකි තුන් අකාරයක ලිංගික දුබලතා ගැන කරන විවරණය ඉතාම වැදගත් වෙනවා. මෙම අඩවියෙන් මීට පෙරත් මේ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් අපට ලැබුණේ දිරිගන්වන සුළු ප්‍රතිචාර. සාකච්ජාව ආරම්භයේදී ඔහු දක්වන්නේ " මත්පැන් නිසා ශරීරයට විය හැකි හානි බොහොමයි.නමුත් අවාසනාවකට මත්පැන් පානය කරන බොහෝ දෙනා මේ ආකාරයට හානි සිදුවෙනවා යැයි පිළිගන්නට සුදානම් නැහැ." මෙම ප්‍රකාශයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ අසරණකම ඉතා පැහැදිලියි. තමන්ගේ අනාගත සැමියා කවර හේතුවක් හෝ ඉදිරිපත් කරමින් දුම්වැටි මත්පැන් ඇතුළු කවර හෝ මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නම් කාන්තාවන් ඒ ගැන සුවිශාල අවධානයක් යොමු කළ යුතුව ඇත. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සමග ගත කරන ජීවිතය ඉතා අප්‍රසන්න එකක් නොවීමට වග බලා ගැනීම වර්තමාන කාන්තා පරපුරේ අයිතිවාසිකමක්ද වන්නේය. මෙම ගැටළුව නිසා අපට මුණ ගැසී බොහෝ දෙනෙක් මූලාරම්භයේදීම ඒ ගැන වැඩි තැකීමක් කොට නැත. තමන් පමණක් නොව දරුවන්ද අනතුරක හෙලා ඇත. කායික රෝග වෛද්‍ය විශේෂඥ කේමින්ද තිලකරත්න මහතාගේ විවරණය මෙතැනින් බලමු.
Sunday, March 18, 2012
බල්ලන්ගේ වැඩ බලමු
බල්ලන්ගේ විවිධ ක්‍රියාකාරකම් අපි කොතක්වත් අහලා ඇති. නමුත් ප්‍රථම වරට ජාතික ඉලලක්කයක් ඉටු කර ගැනීම සඳහා බල්‍ලන් යොදා ගැනීමට නියමිතය.
රට තුලට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය වැටලීම සඳහා මීට පසු පොලිස් සුනඛයන් යොදා ගැනීමට පොලිස් නිල සුනඛ මුලස්ථානය තින්දු කර ඇත.මෙමගින් රට තුලට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහමුලින්ම අඩපනු වනු ඇතැයි බලාපොරොත්තු වේ. මත්දුව්‍ය මෙරටට නිතී විරෝධීව ගෙනෙනු ලබන මන්නාරම ,කල්පිටිය,කිලිනොච්චිය , යාපනය , ගාල්ල සහ මාතර යන ප්‍රධාන මුහුදු බඩ ස්ථාන වලට දැඩි අවධානය යොමු කෙරේ.
Saturday, March 10, 2012
" සතුට " වැඩි කර ගමු - අලුත්ම අධ්‍යයනයක තොරතුරු
ඔබ සතුටින්ද ? මෙම ප්‍රශ්ණයට එක් එක් පුද්ගලයන් විවිධ අකාරයට පිළිතුරු ලබා දෙනු ඇත. තමන් හඳුනාගන්නා සතුට වර්ධනය කර ගැනීමට පුද්ගලයන් විවිධ දේවල් ද කරනු ඇත.තවත් අයෙක් තමන් නියම සතුට ලබා ගත් බවත් එය ලබා ගැනීමට නම් මේ මේ දේවල් කළ යුතු බවට අන් අයට යෝජනා කරති. අන් අය ඒ දේවල් කිරීමට ද පෙළඹෙති.
ඒ කවරක් වුවත් ඇත්තටම ඔබ සතුටින්ද ? සතුට සඳහා ඔබ කරන්නේ මොනවාද ? මෙම ලිපිය කියවීමට ප්‍රථම මොහොතක් ඒ ගැන සිතන්න. ලෝකයේ බොහෝ දෙනෙක් සතුට ලබා ගැනීමට යැයි හඟවමින් කරනු ලබන දෙයක් වේ නම් එය කුමක්ද?
පසුගියදා නිකුත් වූ වාර්ථාවකින් කියවුණේ (ලංකාදීප 2012.03.09) ලංකාවේ දිනපතාම හෙරොයින් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 45000 ක් වන බවයි.ඊට පෙර වාර්තා වූයේ ගංජා භවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ දෙකක් බවයි. ඊට අමතරව දුම්පානය නිසා සැම වසරකම 20000 සංඛ්‍යාවක් මිය යන බවයි. ලංකාවේ මත්පැන් පානය වැඩි වී ඇති බව සුරාබදු කොමසාරිස්තුමා ප්‍රකාශ කර සිටි ප්‍රවෘත්තියක්ද පසුගිය දිනෙක පල වි තිබිණි.
ඉහත කරුණු අනුව පැහැදිලිව පෙනෙන දෙයක් නම් මිනිසුන් බොහෝ දෙනෙක් සතුට ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය කෙරේ විශ්වාසයක් තබා ඇති බවකි. තමන් ලබා ගන්නා වින්දනය හැඳින්වීමට විවිධ නම්ද භාවිතා කරනු දැකිය හැකිය. " ආතල් " , " ෆන් " ඒ අතර ජනප්‍රිය යෙදුම් වේ. රැස්කකා පවුල් පිටින් බලන රූපවාහීනි ටෙලි නාට්‍ය වලද සතුටුදායක අවස්ථාවලදි බොහෝ විට මත්පැන් හා දුම්වැටි යොදාගනු ලබන දර්ශන සුලභය. එයින් හඟවන්නේ සතුට වැඩි වන බවකි.රට කරවන සහ සමාජය තුළ යම් පිළි ගැනීමක් තිබෙන අය කියන්නේ ටිකක් බිව්වට කමක් නැත වැනි අදහසකි. එයින්ද කියන්නේ සතුට ලැබෙන බවකි.
මේ සියළු මත වාද , සමාජ සහ ආර්ථික සමීක්‍ෂණ සඳහා වූ බ්‍රිතාන්‍ය ආයතනය විසින් පසුගියදා සිදු කරන ලද සමීක්‍ෂණයකින් බැහැර කරන්නේ ජීවිතයට අලුත් පාඩමක්ද එකතු කරමින්. "තරුණ ළමයින් ඇසුරින් සිදු කළ මේ සමීක්‍ෂණයේ දී ඔවුන්ගේ පෙනුම, පවුල් පරිසරය, යහළු මිත්‍රාදීන්, පාසල් ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කෙරිණි. ඒ සෑම විෂයකදීම ඔවුන්ගේ තෘප්තිමත් බව මැනීමට සමික්‍ෂකයන් කල්පනාකාරී විය. ප්‍රතිඵලය වූයේ කිසි දිනෙක ඇල්කොහොල් භාවිත නොකළ පිරිස, අනෙක් අය මෙන් හය ගුණයකින් තෘප්තිමත් වූවන් බවයි. දුම්වැටි භාවිතයෙන් වැළකුණු පිරිස් ඇල්කොහොල් භාවිත කරන්නන් මෙන් පස් ගුණයක් සතුටින් දිවි ගෙවූහ. සමීක්‍ෂකයන් අවධාරණය කළේ මත්පැන්, දුම්වැටි භාවිතය, ව්‍යායාම නොමැති වීම ජීවිතයට අතෘප්තිය ගෙන දෙන බවයි. එම සතුටට මවුපිය වත්කම් හෝ අධ්‍යාපන මට්ටමෙන් කිසිදු බලපෑමක් එල්ල නොවිණි. කෙටි ආහාර, කෘත්‍රිම බීම වර්ගවලින් වැළකී, හැකි තරම් එළවළු, පලතුරු අනුභව කිරීම සතුටට හේතුවන බව අනාවරණය විය. සමීක්‍ෂකයන් ගේ අවසාන උපදේශය වූයේ හැකි තරම් ක්‍රීඩා කිරීම සතුටින් ජීවත් වීමට හේතුවන බවයි. " උපුටා ගැනීම සිතිජය 2012.03.08
සියළු මත්ද්‍රව්‍ය වලින් වැළකී සිටින තරමට ජීවිතයට සතුට උදා වන බව මෙතරම් පැහැදිලිව පෙන්වා දී තිබියදී ඒ මතවාදය සමාජ ගතකිරීමේ කටයුතු වගකිව යුතු සැම පාර්ශවයක් විසින් ම නොපැකලිව කළ යුතුව ඇත. වාර්තාවේ සෘජුව සඳහන් කරන්නේ දුම් පානයේ යෙදෙන සහ ඇල්කොහොල්වලට ඇබ්බැහි වූවන් අසතුටින් සිටින බවයි. පිවිසමුට ගොඩ වැදෙන ඔබටද රට වෙනුවෙන් කළ හැකි කාර්යයක් වන්නේ මෙම සැබෑව ඔබගේද අඩවි මගින් ප්‍රචාරය කිරීමයි.
එම වාර්තාව මෙතැනින් කියවන්න.
Monday, March 5, 2012
පෙට්ටිය මෙහෙමයි මීට පස්සේ - නව නීති දෙකක්
අප පසුගිය ලිපියෙන්ද පෙන්නා දුන් කරුණක් පිළිබඳව මහජනතාව වෙත මාධ්‍ය මගින් තොරතුරු ලබා දෙමින් පවති. යළිත් වරක් අවධාරණය වන්නේ සිගරට් පැකට් වල දුම්පානය නිසා ඇති වන හානී පිළිබඳව සෞඛ්‍යමය රූප ඇතුළත් කිරීමත් ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය තහනම් කිරිමත් නව නිති දෙකක් මගින් සිදු කිරීමට නියමිත බවයි. මෙමගින් දුම්පානය නොකරන (අක්‍රීය දුම්පානය ) පිරිස ආරක්‍ෂා කිරිම මුලික අභිප්‍රාය වි ඇත. සෞඛ්‍යමය රූප පැකට්ටුවෙන් 50% ක් ආවරණය වන ප්‍රදර්ශනය විය යුතුය.
අක්‍රීය දුම්පානය යන්නෙන් අදහස් වන්නේ දුම්පානය නොකළත් දුම්පානය කරන්නෙකු අසළ සිටියදි ඇති වන තත්ත්වයයි. මෙහිදි දුම් පානය නෙකරන්නන්ටද දුම්පානය කිරීමේදී සිදුවන අන්දමේම හානියක් සිදුවේ.දුම්පානය කරන්නන් පිට කරන දුම් ආග්‍රාණය කිරීමෙන් ළදරු මරණ , පිළිකා , හෘද රෝග , හා පෙනහලු රෝග වලට ගොදුරු විය හැකිය. දුම්වැටියක හානිදායක රසායන ද්‍රව්‍ය 4000ක් පමණ අඩංගුය. ඉන් 40 % පමණ සෘජුවම පිළිකා ඇති කරන ඒවා වේ. දැනට පිළිකා රෝග වලට ගොදුරු වී ඇති පිරිසෙන් 40 % ක් පමණ දුම්පානය නිසා රෝගි වූ අය බව ද හඳුනාගෙන තිබේ.
Saturday, March 3, 2012
ඔබට අනිවාර්ය රුපියල් 50000 ක දඩයක් සහ වසර 2ක් දක්වා සිර දඬුවමක් . ලේසිවෙන්නේ නෑ........
කවර රජයක් යටතේ හෝ සංවර්ධනාත්මක ඉලක්කයන් අරමුණු කරගෙන විවිධ නිති අණපණත් අලුතෙන් හඳුන්වා දීම කරනු ලබයි. නිති අණ පණත් කොපමණ තිබුණද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම අපට අද දවසේ අත්විඳිමට ඇති ගැටළුවයි.එහෙත් මධ්‍යසාර හා දුම්කොළ පනත ඉදිරිපත් කළ දින සිට එයට එකතු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් ජනතා සංවාදයක් ඇරැඹී තිබුණේ සුභවාදී වෙනසකට මංපෙත් විවර කරමිනි. ඇතැම් විට දුම්කොළ සමාගම් විසින්ම මෙම පනතේ කොටස් උපුටාගෙන තම බඩගෝස්තර වාදී ප්‍රචාරණය කරගෙන ගියේ ඉතාම නිර්ලජ්ජිත අකාරයෙණි.ඇතැම් විට ඔවුන් ව්‍යාපාරික මහතුන් තරු හෝටල වලට කැඳවා පනතට හසුනොවන අකාරයට දුම්වැටි හා මධ්‍යසාර විකුණන්නේ කෙසේදැයි වැඩමුළු පවා පවත්වා ඇත. පනතෙන් දුම්වැටි හා මධ්‍යසාර විකිණීම තහනම් කර තිබියදීත් පනතේ මුල්පිටුව විශාල කොට ආකර්ශණීය දැන්වීමක් ලෙස සකසා අවුරුදු 18 න් පහළ අයට දුම්වැටි විකුණනු නොලැබේ යනුවෙන් වෙළඳ ස්ථානයේ ඇස් මට්ටමින් පුවරුවක් ප්‍රදර්ශණය කිරීමට තරම් බහුජාතික සමාගම් ක්‍රියාකොට ඇත.
එයින් ඔවුන් ඇඟවීමට උත්සහ කොට ඇත්තේ තමන් පනතට අනුගත බව නොවේ නම් වෙන කුමක්ද ? පුවරුව දෙස මතුපිටින් බැලූබැල්මට නිත්‍යානූකූල වැඩකි. එහෙත් යටින් කියවෙන්නේ පුවරුව ඇති ස්ථානයේ දුම්වැටි අලෙවි කරනු ලබන බවකි. අනෙක් අතට ඇස්මට්ටමෙන් මෙය ප්‍රදර්ශනය තබා ඇත්තේ වෙළෙඳ ස්ථානයට ඇතුළුන වන කුඩා දරුවන්ගේ අවධානය දිනා ගනු පිණිසය.
දුම්කොළ හා මධ්‍යසාර පාලන පතන යටතේ මේ වන විට මහජනතාව ගැවසෙන ස්ථාන වල දුම්කොළ හා මධ්‍යසාර භාවිතය මුළුමනින්ම තහනම් කර ඇත.රුපියල් 2000 සිට50000 දක්වා දඩයක් හෝ වසරක් හෝ වසර 2ක් දක්වා කාලයක් තුල සිර දඬුවමක් හෝ ඒ දෙකටම යටත් කරන ආකාරයට නීතිය සංශෝධනය කෙරෙනු ඇත. මහා මාර්ග වල දුම්පානය කරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ඉදිරියේදී නීති සංශෝධනය කරන වන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවේදනය පරිදි දුම්කොළ හා මධ්‍යසාර පාලන පතන යටතේ මේ වන විට ඉටු වී ඇති කරුණු කෙරෙහිද අපගේ අවධානය යොමු විය යුතුය.
- වසර 2011 දී පොලිස් දෙපාර්තමේන්තුව මගින් පමණක් දුම්වැටි හා මධ්‍යසාර භාවිතා කිරීම සම්බන්ධයෙන් රුපියල් දසලක්‍ෂ 101 ක මුදලක් දඩ වශයෙන් අය කර ගැනීමට සමත්ව තිබේ.
- මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දුම්වැටි හා මධ්‍යසාර පාලන වැඩසටහන අන්තර්ජාතික ඇගයීමට ලක් වී ඇත.
- මේ වැඩසටහන අධ්‍යයනය කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල ජනයා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියි.
- ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන ලද දුම්වැටි හා මධ්‍යසාර පාලන අන්තර්ජාතික ප්‍රඥප්තියට ආසියානු රටවල් අතරින් පළමුවන ස්ථානයටත් ලෝකයේ රටවල් අතරින්පළමුවන ස්ථානයටත් ලෝකයේ රටවල් අතරින් 4වන ස්ථානයටත් අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකාවයි.
- දුම්වැටි හා මධ්‍යසාර භාවිතය ඉහළ යාම හේතුවෙන් 20 වන ශත වර්ෂය අවසන් වන විට ලොව පුරා පුද්ගලයන් කෝටි 100 ක් මිය යනු ඇත.
- ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග වලින් දිනකට පුද්ගලයන් 350ක දෙනා මිය යන අතර එම මරණ වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ දුම්කොළ හා මධ්‍යසාරයි.
- පිළිකා රෝගින්ගෙන් 10% ක්ම හේතු වී ඇත්තේ දුම්කොළ හා මධ්‍යසාර භාවිතයයි.
Subscribe to:
Posts (Atom)





