ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න
Friday, May 25, 2012
Saturday, April 28, 2012
කෙල්ලො ළඟ හිටියත් දුර හිටියත් දාලා ගියත් අපි නම් යයි බාර් !!!!!!
මෙහි හුදු අර්ථය පමණක් සළකන්නේ නම් තරුණියන් නිසා තරුණයන් අතරමංවන බවත් එහි අවසානය විය යුත්තේ බීමත් කමින් බවත්ය. මෙම මතය සමාජ ගත කිරීමේ අදහස ඇති මෙම දැන්වීම මේ දිනවල සයිබර් අවකාශය පුරා පැතිර යමින් පවති. මෙය නිර්මාණය කළ අය වෙනත් අර්ථයක් ජනනය කරන්නට උත්සහ කළත් යෞවන යෞවනියන් එකිනෙකා අතර ඇති වන විරසකයන් ,අමනාපකම්, නොහොදනෝක්කඩු විසඳා ගැනීමේ ක්‍රමවේදය ප්‍රචලිත නොකර අරක්කු සිගරට් ගැන ප්‍රචාරයක් ලබා දෙන්නේ ඒ ගැන නොදනුවත් කමින්ද එසේ නැත්නම් එකී කර්මාන්තයට සේවය කරන සේවකයෙක් ලෙසින්ද ? කවර නිර්මාණයකත් ඉදිරිපත් විය යුතු අර්ථය වන්නේ ජනතාව දැනුවත් කමින් අවබෝධයෙන් ඉදිරියට ගෙන යෑමය. එසේ නොවී සමාජය අන්දන ක්‍රියාකාරකම් සමජ හිත සුව පිණිස නොවන්නේය.
Sunday, April 15, 2012
ඔබට උදව් කරන ජාතික ආයතන 34ක් - ජාතික ප්‍රතිඵත්තිය
ප්‍රතිඵත්තියක් තිබෙන්නේ අප කටයුතු කරන ක්ෂේ ත්‍රයේ වපසරිය ගැන දැන ගැනිම සඳහාය.පසුගිය කාලය පුරාවටම අපත් සමග කටයුතු කරන බොහෝ දෙනෙක් ප්‍රකාශ කලේ මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළද ඒ සම්බන්ධයෙන් ඇති ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ අවබෝධය ප්‍රමාණවත් නොවන බවය. මත්ද්‍රව්‍ය දුර්භාවිතය , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය අනුව එය ජතික මට්ටමෙන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මුලික වන මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රධාන පාර්ශවකරුවන් ගණන 34කි. එම සියළු ප්‍රධාන පාර්ශවකරුවන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග සමීප සම්බන්ධතාවයකින් යුක්තව කටයුතු කරනු ඇත.
මත්ද්‍රව්‍ය දුර්භාවිතය , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය මෙතැනින් ලබා ගන්න .
මීලඟ අවස්ථාවේදී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ලයේ ක්‍රියාකාරිත්වය හා එය සපයන සේවාවන් විමසා බලමු.
ඔබගේ අදහස් උදහස් අපි ඉතාමත්ම අගය කරමු .
මත්ද්‍රව්‍ය දුර්භාවිතය , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය මෙතැනින් ලබා ගන්න .
මීලඟ අවස්ථාවේදී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ලයේ ක්‍රියාකාරිත්වය හා එය සපයන සේවාවන් විමසා බලමු.
ඔබගේ අදහස් උදහස් අපි ඉතාමත්ම අගය කරමු .
Friday, April 13, 2012
Monday, April 9, 2012
පිරිමින්ට ලිංගික දුබලතා සිදුවිය හැකි තුන් අකාරයක්

පිරිමින් අතරේ සිදුවන ලිංගික දුබලතා ගැන අපට විවිධාකාර කරුණු අසන්නට ලැබෙනවා.එහෙත් විද්‍යාත්මක පදනමකින් එම කරුණු පිළිබඳ කරනු ලබන පැහැදිලි කිරීම් දක්නට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. අනාගතයේදි විවාහා වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණියන් ගේ විශේෂ අවධානය යොමු වන පරිදි කායික රෝග වෛද්‍ය විශේෂඥ කේමින්ද තිලකරත්න මහතා , මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්ට සිදුවිය හැකි තුන් අකාරයක ලිංගික දුබලතා ගැන කරන විවරණය ඉතාම වැදගත් වෙනවා. මෙම අඩවියෙන් මීට පෙරත් මේ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් අපට ලැබුණේ දිරිගන්වන සුළු ප්‍රතිචාර. සාකච්ජාව ආරම්භයේදී ඔහු දක්වන්නේ " මත්පැන් නිසා ශරීරයට විය හැකි හානි බොහොමයි.නමුත් අවාසනාවකට මත්පැන් පානය කරන බොහෝ දෙනා මේ ආකාරයට හානි සිදුවෙනවා යැයි පිළිගන්නට සුදානම් නැහැ." මෙම ප්‍රකාශයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ අසරණකම ඉතා පැහැදිලියි. තමන්ගේ අනාගත සැමියා කවර හේතුවක් හෝ ඉදිරිපත් කරමින් දුම්වැටි මත්පැන් ඇතුළු කවර හෝ මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නම් කාන්තාවන් ඒ ගැන සුවිශාල අවධානයක් යොමු කළ යුතුව ඇත. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සමග ගත කරන ජීවිතය ඉතා අප්‍රසන්න එකක් නොවීමට වග බලා ගැනීම වර්තමාන කාන්තා පරපුරේ අයිතිවාසිකමක්ද වන්නේය. මෙම ගැටළුව නිසා අපට මුණ ගැසී බොහෝ දෙනෙක් මූලාරම්භයේදීම ඒ ගැන වැඩි තැකීමක් කොට නැත. තමන් පමණක් නොව දරුවන්ද අනතුරක හෙලා ඇත. කායික රෝග වෛද්‍ය විශේෂඥ කේමින්ද තිලකරත්න මහතාගේ විවරණය මෙතැනින් බලමු.
Sunday, March 18, 2012
බල්ලන්ගේ වැඩ බලමු
බල්ලන්ගේ විවිධ ක්‍රියාකාරකම් අපි කොතක්වත් අහලා ඇති. නමුත් ප්‍රථම වරට ජාතික ඉලලක්කයක් ඉටු කර ගැනීම සඳහා බල්‍ලන් යොදා ගැනීමට නියමිතය.
රට තුලට ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය වැටලීම සඳහා මීට පසු පොලිස් සුනඛයන් යොදා ගැනීමට පොලිස් නිල සුනඛ මුලස්ථානය තින්දු කර ඇත.මෙමගින් රට තුලට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහමුලින්ම අඩපනු වනු ඇතැයි බලාපොරොත්තු වේ. මත්දුව්‍ය මෙරටට නිතී විරෝධීව ගෙනෙනු ලබන මන්නාරම ,කල්පිටිය,කිලිනොච්චිය , යාපනය , ගාල්ල සහ මාතර යන ප්‍රධාන මුහුදු බඩ ස්ථාන වලට දැඩි අවධානය යොමු කෙරේ.
Saturday, March 10, 2012
" සතුට " වැඩි කර ගමු - අලුත්ම අධ්‍යයනයක තොරතුරු
ඔබ සතුටින්ද ? මෙම ප්‍රශ්ණයට එක් එක් පුද්ගලයන් විවිධ අකාරයට පිළිතුරු ලබා දෙනු ඇත. තමන් හඳුනාගන්නා සතුට වර්ධනය කර ගැනීමට පුද්ගලයන් විවිධ දේවල් ද කරනු ඇත.තවත් අයෙක් තමන් නියම සතුට ලබා ගත් බවත් එය ලබා ගැනීමට නම් මේ මේ දේවල් කළ යුතු බවට අන් අයට යෝජනා කරති. අන් අය ඒ දේවල් කිරීමට ද පෙළඹෙති.
ඒ කවරක් වුවත් ඇත්තටම ඔබ සතුටින්ද ? සතුට සඳහා ඔබ කරන්නේ මොනවාද ? මෙම ලිපිය කියවීමට ප්‍රථම මොහොතක් ඒ ගැන සිතන්න. ලෝකයේ බොහෝ දෙනෙක් සතුට ලබා ගැනීමට යැයි හඟවමින් කරනු ලබන දෙයක් වේ නම් එය කුමක්ද?
පසුගියදා නිකුත් වූ වාර්ථාවකින් කියවුණේ (ලංකාදීප 2012.03.09) ලංකාවේ දිනපතාම හෙරොයින් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 45000 ක් වන බවයි.ඊට පෙර වාර්තා වූයේ ගංජා භවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ දෙකක් බවයි. ඊට අමතරව දුම්පානය නිසා සැම වසරකම 20000 සංඛ්‍යාවක් මිය යන බවයි. ලංකාවේ මත්පැන් පානය වැඩි වී ඇති බව සුරාබදු කොමසාරිස්තුමා ප්‍රකාශ කර සිටි ප්‍රවෘත්තියක්ද පසුගිය දිනෙක පල වි තිබිණි.
ඉහත කරුණු අනුව පැහැදිලිව පෙනෙන දෙයක් නම් මිනිසුන් බොහෝ දෙනෙක් සතුට ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය කෙරේ විශ්වාසයක් තබා ඇති බවකි. තමන් ලබා ගන්නා වින්දනය හැඳින්වීමට විවිධ නම්ද භාවිතා කරනු දැකිය හැකිය. " ආතල් " , " ෆන් " ඒ අතර ජනප්‍රිය යෙදුම් වේ. රැස්කකා පවුල් පිටින් බලන රූපවාහීනි ටෙලි නාට්‍ය වලද සතුටුදායක අවස්ථාවලදි බොහෝ විට මත්පැන් හා දුම්වැටි යොදාගනු ලබන දර්ශන සුලභය. එයින් හඟවන්නේ සතුට වැඩි වන බවකි.රට කරවන සහ සමාජය තුළ යම් පිළි ගැනීමක් තිබෙන අය කියන්නේ ටිකක් බිව්වට කමක් නැත වැනි අදහසකි. එයින්ද කියන්නේ සතුට ලැබෙන බවකි.
මේ සියළු මත වාද , සමාජ සහ ආර්ථික සමීක්‍ෂණ සඳහා වූ බ්‍රිතාන්‍ය ආයතනය විසින් පසුගියදා සිදු කරන ලද සමීක්‍ෂණයකින් බැහැර කරන්නේ ජීවිතයට අලුත් පාඩමක්ද එකතු කරමින්. "තරුණ ළමයින් ඇසුරින් සිදු කළ මේ සමීක්‍ෂණයේ දී ඔවුන්ගේ පෙනුම, පවුල් පරිසරය, යහළු මිත්‍රාදීන්, පාසල් ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කෙරිණි. ඒ සෑම විෂයකදීම ඔවුන්ගේ තෘප්තිමත් බව මැනීමට සමික්‍ෂකයන් කල්පනාකාරී විය. ප්‍රතිඵලය වූයේ කිසි දිනෙක ඇල්කොහොල් භාවිත නොකළ පිරිස, අනෙක් අය මෙන් හය ගුණයකින් තෘප්තිමත් වූවන් බවයි. දුම්වැටි භාවිතයෙන් වැළකුණු පිරිස් ඇල්කොහොල් භාවිත කරන්නන් මෙන් පස් ගුණයක් සතුටින් දිවි ගෙවූහ. සමීක්‍ෂකයන් අවධාරණය කළේ මත්පැන්, දුම්වැටි භාවිතය, ව්‍යායාම නොමැති වීම ජීවිතයට අතෘප්තිය ගෙන දෙන බවයි. එම සතුටට මවුපිය වත්කම් හෝ අධ්‍යාපන මට්ටමෙන් කිසිදු බලපෑමක් එල්ල නොවිණි. කෙටි ආහාර, කෘත්‍රිම බීම වර්ගවලින් වැළකී, හැකි තරම් එළවළු, පලතුරු අනුභව කිරීම සතුටට හේතුවන බව අනාවරණය විය. සමීක්‍ෂකයන් ගේ අවසාන උපදේශය වූයේ හැකි තරම් ක්‍රීඩා කිරීම සතුටින් ජීවත් වීමට හේතුවන බවයි. " උපුටා ගැනීම සිතිජය 2012.03.08
සියළු මත්ද්‍රව්‍ය වලින් වැළකී සිටින තරමට ජීවිතයට සතුට උදා වන බව මෙතරම් පැහැදිලිව පෙන්වා දී තිබියදී ඒ මතවාදය සමාජ ගතකිරීමේ කටයුතු වගකිව යුතු සැම පාර්ශවයක් විසින් ම නොපැකලිව කළ යුතුව ඇත. වාර්තාවේ සෘජුව සඳහන් කරන්නේ දුම් පානයේ යෙදෙන සහ ඇල්කොහොල්වලට ඇබ්බැහි වූවන් අසතුටින් සිටින බවයි. පිවිසමුට ගොඩ වැදෙන ඔබටද රට වෙනුවෙන් කළ හැකි කාර්යයක් වන්නේ මෙම සැබෑව ඔබගේද අඩවි මගින් ප්‍රචාරය කිරීමයි.
එම වාර්තාව මෙතැනින් කියවන්න.
Subscribe to:
Posts (Atom)





