ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Monday, September 24, 2012

මෙහෙම වෙනකොට විශ්වාසය ?


    රජයක් ප්‍රතිපත්තිමය කරුණු වලදී  ඉන්නා ස්ථාවරය රටක සංවර්ධනයේදී  ඉතාම වැදගත් සාධකයක් වන්නේ එහිදී ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා තරමටමය.  මතට තිත වැනි සංකල්පයක් ඉදිරිපත් කිරීමේදී  මෙම සාධකය ඉතා ඉහළින්ම  තිබීම අතිශයින්ම වැදගත් වන්නේ විවිධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන විසින් ලංකාව තුළ මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වල අවසන් ප්‍රතිපලයටය. මත්පැන් නව නිෂ්පාදන සමාගම්    23 ක්  නිෂ්පාදන කටයුතු ඇරැඹීමට සුදානම් වන බවත්  ඉකුත් වසරේ මෙරට තුළ සැර මත්පැන් ලීටර මිලියන 53 .8 ක් නිපදවා ඇති අතර එය  2010 වසරට සාපේක්‍ෂව ලීටර මිලියන 4.8 වැඩි වීමක් බවත් සුරාබදු කොමසාරිස්වරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල වාර්තාවේ සඳහන් වේ. එසේම  2011 වසරේ බියර් ලීටර මිලියන 87.4 ක් නිෂ්පාදනය කර ඇති අතර එය 2010 වසරට වඩා ලීටර මිලියන 14.1 ක වැඩි විමකි.  මේ තොරතුරු සාමාන්‍ය මහජනතාවගේ බලාපොරොත්තු සමග විශාල පරස්පරයක් පවතී. මත්ද්‍රව්‍ය පාලනයට එරෙහි වන්නන් විසින් මේ තොරතුරු පාදක කරගෙන  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රවාදයන් නිර්මාණය කොට එම මතයන් සමාජ ගත කිරීමට උත්සහ නොගත්තොත් එය පුදුමයකි . දැනටත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වලදී බොහෝ විට මතුව එන්නේ එවැනි සමාජ ගත වූ මතවාදයන්ය.  උදාහරණයක් ලෙසින් වරක් මත්ද්‍රව්‍ය පාවිව්වි කළහොත් එය නැතුවම බැරිය යනු සමාජ ගත අදහසකි. එවැනි අදහස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ඉන් ගැලවීමට ඇති ප්‍රධාන බාධකයක්ද වන්නේය. තරුණ තරුණියන් මත්ද්‍රව්‍යයට යොමු වීමටත් එම ඇබ්බැහියෙන් මිදිමටත් ඇති ප්‍රභල බාධකයක් වන්නේ  එවැනි සමාජ ගත අදහස් බව  මත්ද්‍රව්‍ය ක්‍ෂෙත්‍රයේ  කටයුතු කරන අය දනිති.

   සුරාබදු කොමසාරිස්වරයාගේ වාර්තාවෙන් ඉදිරිපත් වන කරුණු නිවාරණ වැඩසටහන් වලදී ප්‍රභල ලෙස ඉදිරිපත් වනු ඇත. වැඩසටහන් ඉදිරිපත් කරන්නන් විසින් එම කරුණු සහා මනා සුදානමක් ඇතිව සහභාගීවිම මේ මොහොතේදී සිදුවිය යුත්තක් බව විශ්වාස කරමි. එසේ නොවන්නේ නම් ඉතා සාර්ථක නිවාරණ වැඩසටහන් පවා හෑල්ලුවට ලක්වීම නොවැළක්විය හැක්කකි. කොච්චර කරත් ඔච්චර තමා වැනි  නිෂේධාත්මක කරණු මහජන මනසට ඇතුල්විමට පෙර නිවාරකයන් ක්‍රියාත්මක විය යුතුය. 

1 comment:

  1. තවත් සමාජගත මතයක් නම් "රජාත් හොද බෙබේ කෙනෙක් නිසා තිතට මත නම් ක්‍රියාත්මකයි " යන්නයි. එය බොරුවක්ද ඇත්තට???

    ReplyDelete