ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, April 28, 2012

කෙල්ලො ළඟ හිටියත් දුර හිටියත් දාලා ගියත් අපි නම් යයි බාර් !!!!!!



    විහිළු කිරීමෙත් සිමාවක් පවති.එහෙත් දුම්වැටි කර්මාන්තය ඇතුළු සියළු මත්ද්‍රව්‍ය කර්මාන්තය හැසිරෙන ආකාරය දෙස  බලන විට ඒවායේ හැසිරීමේ උපායශීලීතාවය වැඩි දියුණු කර  ඇත. විවිධ අණපනත් හා සීමාකම් නිසා ‍මත්ද්‍රව්‍ය කර්මාන්තය දුර්වල වන සැම විටකම උපායශීලී ප්‍රචාරයන් හුන්වා දී ඇත. සයිබර් අවකාශය තුළ අද දින වන විට මත්ද්‍රව්‍ය කර්මාන්තය වෙනුවෙන් දැන හෝ නොදැන කටයුතු කරන බොහෝ  අය සිටිති. මේ එවන් දැන්වීමකි.


 මෙහි හුදු අර්ථය පමණක් සළකන්නේ නම් තරුණියන් නිසා තරුණයන් අතරමංවන බවත් එහි අවසානය විය යුත්තේ බීමත් කමින් බවත්ය. මෙම මතය සමාජ ගත කිරීමේ අදහස ඇති මෙම දැන්වීම මේ දිනවල සයිබර් අවකාශය පුරා පැතිර යමින් පවති. මෙය  නිර්මාණය කළ අය වෙනත් අර්ථයක් ජනනය කරන්නට උත්සහ කළත් යෞවන යෞවනියන්  එකිනෙකා අතර  ඇති වන විරසකයන් ,අමනාපකම්, නොහොදනෝක්කඩු  විසඳා ගැනීමේ ක්‍රමවේදය ප්‍රචලිත නොකර අරක්කු සිගරට් ගැන ප්‍රචාරයක් ලබා දෙන්නේ ඒ ගැන නොදනුවත් කමින්ද එසේ නැත්නම් එකී කර්මාන්තයට සේවය කරන සේවකයෙක් ලෙසින්ද ? කවර නිර්මාණයකත් ඉදිරිපත් විය යුතු අර්ථය වන්නේ ජනතාව දැනුවත් කමින් අවබෝධයෙන් ඉදිරියට ගෙන යෑමය. එසේ නොවී සමාජය අන්දන ක්‍රියාකාරකම් සමජ හිත සුව පිණිස නොවන්නේය.

Sunday, April 15, 2012

ඔබට උදව් කරන ජාතික ආයතන 34ක් - ජාතික ප්‍රතිඵත්තිය

     ප්‍රතිඵත්තියක් තිබෙන්නේ අප කටයුතු කරන ක්ෂේ ත්‍රයේ වපසරිය ගැන දැන ගැනිම සඳහාය.පසුගිය කාලය පුරාවටම අපත් සමග කටයුතු කරන බොහෝ දෙනෙක් ප්‍රකාශ කලේ මත්ද්‍රව්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළද ඒ සම්බන්ධයෙන් ඇති ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ  අවබෝධය ප්‍රමාණවත් නොවන බවය. මත්ද්‍රව්‍ය දුර්භාවිතය  , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය අනුව එය ජතික මට්ටමෙන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මුලික වන මත්ද්‍රව්‍ය  ක්ෂේත්‍රයේ කටයුතු කරන ප්‍රධාන පාර්ශවකරුවන් ගණන 34කි. එම සියළු ප්‍රධාන පාර්ශවකරුවන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සමග සමීප සම්බන්ධතාවයකින් යුක්තව කටයුතු කරනු ඇත.
   මත්ද්‍රව්‍ය දුර්භාවිතය  , නිවාරණය හා පාලනය සඳහා වන ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය මෙතැනින් ලබා ගන්න .
   මීලඟ අවස්ථාවේදී අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ලයේ ක්‍රියාකාරිත්වය හා එය සපයන සේවාවන් විමසා බලමු.

   ඔබගේ අදහස් උදහස් අපි ඉතාමත්ම අගය කරමු .

Friday, April 13, 2012

ඔබ සැමට සුභ නව වසරක් වේවා !!!!!

ඔබ සැමට සුභ නව වසරක් වේවා !!!!!

Monday, April 9, 2012

පිරිමින්ට ලිංගික දුබලතා සිදුවිය හැකි තුන් අකාරයක්


පිරිමින් අතරේ සිදුවන ලිංගික දුබලතා ගැන අපට විවිධාකාර කරුණු අසන්නට ලැබෙනවා.එහෙත් විද්‍යාත්මක පදනමකින් එම කරුණු පිළිබඳ කරනු ලබන පැහැදිලි කිරීම් දක්නට ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. අනාගතයේදි විවාහා වීමට බලාපොරොත්තුවෙන් සිටින  තරුණියන් ගේ විශේෂ අවධානය යොමු වන පරිදි කායික රෝග වෛද්‍ය විශේෂඥ කේමින්ද තිලකරත්න  මහතා , මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන්ට සිදුවිය හැකි තුන් අකාරයක ලිංගික දුබලතා ගැන කරන විවරණය ඉතාම වැදගත් වෙනවා. මෙම අඩවියෙන් මීට පෙරත් මේ සම්බන්ධයෙන් කරුණු පෙන්වා දී තිබෙනවා.ඒ සම්බන්ධයෙන් අපට ලැබුණේ දිරිගන්වන සුළු ප්‍රතිචාර. සාකච්ජාව ආරම්භයේදී ඔහු දක්වන්නේ " මත්පැන් නිසා ශරීරයට විය හැකි  හානි බොහොමයි.නමුත් අවාසනාවකට මත්පැන් පානය කරන බොහෝ දෙනා මේ ආකාරයට හානි සිදුවෙනවා යැයි පිළිගන්නට සුදානම් නැහැ."  මෙම ප්‍රකාශයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ අසරණකම ඉතා පැහැදිලියි. තමන්ගේ අනාගත සැමියා කවර හේතුවක් හෝ ඉදිරිපත් කරමින් දුම්වැටි මත්පැන් ඇතුළු කවර හෝ මත්ද්‍රව්‍යයක් භාවිතා කරන්නේ නම්  කාන්තාවන් ඒ ගැන සුවිශාල අවධානයක් යොමු කළ යුතුව ඇත. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සමග  ගත කරන ජීවිතය ඉතා අප්‍රසන්න එකක් නොවීමට වග බලා ගැනීම වර්තමාන කාන්තා පරපුරේ අයිතිවාසිකමක්ද වන්නේය. මෙම ගැටළුව නිසා අපට මුණ ගැසී බොහෝ දෙනෙක්  මූලාරම්භයේදීම ඒ ගැන වැඩි තැකීමක් කොට නැත. තමන් පමණක් නොව දරුවන්ද අනතුරක හෙලා ඇත. කායික රෝග වෛද්‍ය  විශේෂඥ කේමින්ද තිලකරත්න  මහතාගේ විවරණය මෙතැනින් බලමු.