ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, November 26, 2011

මතින් මුදා ගත් අයට ' ඇගේ සිනහව තහනම්'

    මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සහා දැන් දැන්  ප්‍රභූ ජනතාවගේද සාමන්‍ය ජනතාවගේද සහභාගිත්වය දිනෙන් දින ඉහළ යනු දැකිය හැකිය. කලකට ඉහතදී මධ්‍යසාර නොමැති සංගීතයක් හෝ කලාකරුවෙක් ගැන අසන්නට නැති තරම් විය. එහෙත් අද දිනතත්ත්වය වෙනස් වි ඇත. සුභාවිත සංගීතයේ පතාක යෝධයෙකු වන චන්‍ද්‍රකුමාර කනආරච්චි  යළිත් වරක් එම සද් කාර්යයට අත ගසා ඇත. අද දින මත්ද්‍රව්‍ය නිවාරණය රජයේ හෝ තෝරාගත් කොටසකගේ පමණක්  නොව සැම දේනාගේම වගකිමක් වන බව අද වන විට පසක් වි තිබීම මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු වල දැකිය හැකි සාර්ථක ප්‍රතිපලයක් ලෙස සළකිය හැකිය.




Friday, November 25, 2011

උතුම් මිනිස් ජීවිතය කෙටි කරන වෙළෙන්දෝ

    මිනිස් ජීවිතයක වටිනාකම කෙතරම්ද ? මිනිස් උපතක් ලබා ගැනීම කෙතරම් විශ්මය ජනක දෙයක්ද ? මිනිසකු වීම කෙතරම් දුර්ලභද ?
    මේ ප්‍රශ්ණ සියල්ලම හිතට ආවේ සයිබර් අවකාශයේ "සත්සමුදුර " ඉදිරිපත් කරන සොහොයුරාගේ ලිපිය දැකීමෙනුයි. ඇමෙරිකාවේ සිදු කළ සමීක්‍ෂණයක ප්‍රතිපල පෙන්වන ඔහු අද දවසේ මිනිසා විසින්ම මිනිසාගේ ගේ ජීවිතය කෙටි කර ගැනීමට පාර කපා ගන්නා ක්‍රම 08 ක් සඳහන් කරනවා.




                                1.දුම් පානය    2. මධ්‍යසාර  භාවිතය  3. අක්‍රීය දුම් භාවිතය

Monday, November 14, 2011

බොරදියේ මාළු බෑම / කල දුටු කල වල ඉහ ගැනීම

    අපගේ පිවිසුම ඊමේල් ලිපිනයට සහෘද පාඨකයෙක් (නම සඳහන්ව තිබුණේ මහරගම ගාමිණී ලෙසින් ) එවා තිබුණු ඡායාරූප නිසා අන්තර්ජාලය වුරාගේ දැලි පිහියද කියලත් හිතෙනවා.ඔහු එවා තිබුණු ඡායාරූප පිවිසුම පාඨකයන්ගේද අවධානය සහා ඉදිරිපත් කිරීමට තීරණය කළේ මත්ද්‍රව්‍ය කර්මාන්තයේ හැසිරීම ඉන් වඩාත් හොින් නිරීක්‍ෂණය කළ හැකි නිසාය.

   අන්තර්ජාලය තුළ විවිධාකාර ඊමේල් ලැබෙන බව අප දන්න දෙයක්.සමහරක් ඒවා  හරිම දාර්ශණිකයි. සමහරක් විවිධ ආධාර උපකාර ඉල්ලීම සහා නිර්මාණය වෙච්ච ඒවා. ඒ අතරම විවිධ අරමුණු මුල් කරගත්ත ඒවාත් තියෙනවා.බොහෝ දෙනෙක් කරන්නේ ලැබෙන ඊමේල් එක ඒ මොහොතේම කියවල බලලා තමන්ගේ හිතවතුන්ට forward  කිරීමයි. ඉතා ඉක්මනින්ම වැඩි පිරිසක් අතරට ඒවා යනවා.මෙය දුෂ්ට පුද්ගලයන්ද දූෂමාන තොරතුරු ප්‍රචාරය කිරීම සහාද ප්‍රයෝජනයට ගන්නා ක්‍රමයක්. 



   කෙසේ වෙතත් ගාමිණි එවන ලද ඡායාරූප තුළින්  දුම්වැටියක් භාවිතා කොට ඉවතට යවන දුම්වලින් විවිධ හැඩතල නිර්මාණය කිරීමක් තමා බැලූ බැල්මට පෙනෙන්නේ. මේ පෝස්ට් එක ලියන්නෙත් අප ඉදිරියේ තිබෙන බරපතල අවධානමක් නිසා .මෙබු නිර්මාණ කරලා තියෙන්නේ දුම්වැටි භාවිතයට දිරි ගැන්වීමක් සෘජුවම ලැබෙන පරිද්දෙන්. කාලයකට ඉහතදී අපගේ සිනමාවේ වීරයන් චිත්‍රපටිවල දී දුම්වැටි භාවිතා කළ ආකාරයටම තරුණයන්ද දුම්වැටි භාවිතා කිරීමට පෙළෙඹුනා. කව්ද බෝයි වැනි ළමා කාටූන් වලින්ද දුම්වැටි භාවිතයට ලබා දුන්නේ අසීමිත දිරි ගැන්වීමක්.පියා දුම්වැටි භාවිතා කරද්දි ඒ විදිහටම දුම්වැටි භාවිතා  කිරීමට පුරුදු වුන අය ඉතා විශාල ප්‍රමාණයකින් සිටින බව මෙම ක්‍ෂෙත්‍රයේ කටයුතු කරන ඕනෑම කෙනෙක් දන්න දෙයක්. මේ හැම දෙයකින්ම සිදු වන්නේ දුම්වැටි භාවිතා කිරීමට 
දරුවන් , තරුණයන් තුළ පෙළඹවීමක් ඇති කිරීමයි. දුම්විටියකින් ලැබෙනවා යැයි කියන ව්‍යාජ "ආශ්වාදයකට"  වඩා දරුවන් , තරුණයන් දුම්වැටි භාවිතයට යොමු කිරීමට යොදා ගත හැකි උපක්‍රමය වන්නේ ඒවෙනුවෙන් ආකර්ෂණයක් ඇති කිරීමයි.


   මේ ඡායාරූප සහිත ඊමේල් ගැන අපි මේ තරම් ගැඹුරින් සොයා නොබලා හිතමිතුරන්ට forward කිරීමෙන්  අපිත් දුම්වැටි කර්මාන්තයට සේවය කිරීමක් තමා සිදු වන්නේ . ඉතිං අපි මීට පස්සේ අපට ලැබෙන මෙබු ඊමේල් ගැන වඩාත් පරිස්සමෙන් කටයුතු කරමු.


    පිවිසුමේ තේමාව වන්නේත් අපේ රටට අපේ යුතුකම ඉටු කරමු යන්නයි. විවේචනයෙන් ඔබ්බට යෑමට කාලය පැමිණ ඇත.අප බොහෝ දේවල් ගැන විවේචනය කරමින් සිටින විට ඔබේ මගේ දරුවන් ඉලක්ක කරන මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් සූක්‍ෂම ආකාරයෙන් ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත.
    අකාර්ෂණීය සාධක ගැන තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරමු.






මේ කරුණු පිළිබව ඔබගේ අදහස් ,  මෙබු ‍තොරතුරු ඔබ සතුව ඇත්නම් ඒවා pivisuma@gmail.com ලිපිනයට එවීමෙන් ඔබටත් රටේ සංවර්ධනය සඳහා දායකත්වය ලබා දෙන්න පුළුවන්.  
                                                                          
                                               
විවේචනයෙන් ඔබ්බට ගිය අළුත් පිවිසුමක් .
                                                                            

                                               

Friday, November 11, 2011

ඉලක්කය මගේ දරුවාය

      අද දින පෝස්ට් එකක් ලියන්න හේතු වුණේ සයිබර් අවකාශයේ පාඨකයෙක් වන නුවන් එවා තිබුණු ඊමේල් එක නිසා.  නුවන් ඔබට ස්තූතියි වගේම සුභ පැතුම් එක් කරනවා ඔබ පෙනි සිටින විභාගයෙන් උසස් සාමාර්ථයක් ලබන්න කියා. ඇත්තෙන්ම අප උත්සහා දරන්නේ සයිබර් අවකාශයේ ඉඩකඩ පොදු මහජනතාවගේම යහපත වෙනුවෙන්.වි‍‍ශේෂයෙන්ම තරුණ පරපුර දක්වන අදහස් උදහස් අපගේ ධෛර්යයට හේතුවක්.සයිබර් අවකාශයේ ඉතා විශාල පාඨක පිරිසක් දිනපතාම ගැවසෙන බව එය ඇසුරු කරන අය දන්න කරුණක්.(කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවානම් අපගේ අවබෝධය සඳහා සංඛ්‍යාවත් කියන්න) විශේෂයෙන්ම තරුණයන්ගේ ඊට තිබෙන නැඹුරුව ඉතා විශාලයි.


   නුවන් නියෝජනය කරන තාරුණ්‍යය අද දවසේ වැඩියෙන්ම අවදානමකට ලක් වූ කොටසක් වෙලා. ටියුෂන් පංති ගැන අපි අද කතා කරමු. දස දහස් ගණනක් අය අද දවසේ අතිරේක පංති සඳහා සහභාගි වන්නේ තමන් පෙනී සිටින විභාගයෙන් උසස් ලෙස සමත් වෙලා රැකියාවක් කිරීමට සුදුසුකම් ලබා ගැනීමට බව නොරහසක්. නමුත් අපි නොදැනුවත්වම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අද ටියුෂන් පංතිද අක්‍රමණය කර අවසන් වග නුවන්ගෙ ලිපියෙන් පෙනෙන දෙයක්. රජය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ  රැහැනට හසුකර ගන්නට නොයෙක් පෙරමුණු වල සටන් වැදී සිටින මොහොතක ජාවාරම් කරුවන් ද ඔවුන්ගේ උපක්‍රමත් වෙනස් කරනවා.
  දැන් ක්‍රියාත්මක වන දුම්කොළ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත නිසා වෙළෙන්දන් ඔවුන්ගේ උපක්‍රම වෙනස් කරලා තියෙන අකාරය ඉතා පැහැදිලිව පෙනෙන දෙයක් . වෙළෙන්ඳන් ඒ පනතේම සඳහන් වගන්ති උපුටා රැගෙන වෙ‍ළෙඳ සැල් ඉදිරියේ ප්‍රදර්ශණය කරන්නෙත් තරුණයන්ගේ අකාර්ශණය දිනා ගැනීමේ අරමුණෙන්.(මෙතැනින් පෙන්නන්න උත්සහ කරන්නේ ඒඅයත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩකට අත ගහල තිබෙන බව හැඟවීමටයි)  අවුරුදු 21 න් පහළ අයට දුම්කොළ නිෂ්පාදන අලෙවි කරනු නොලැබේ යනුවෙන් සඳහන් වැකියක් එම වෙළෙඳ සැලට ගොඩවෙන අයගේ ඇස් මට්‍ටමට පෙනෙන ලෙස තබා තිබෙන්නේ ඇයිද කියා මොහොතක් විමසා බලන්න.මෙය දකින පාසැල් යන , ටියුෂන් යන දරුවන් , තරුණයන්ගේ මනසට යන්නේ දුම්වැටි හා දුම්කොළ භාවිතය වැඩිහිටියන්ගේ වැඩක්ය යන පණිවිඩයයි.එහෙම නැත්නම් වැඩිහිටි බවේ ලක්‍ෂණයක් වන්නේ දුම්වැටි හා දුම්කොළ භාවිතයයි යන  අරුත ඉන් ගම්‍ය වෙනවා.

   ටියුෂන් පංති වලද සිදුවන්නේ මෙයට සමානම දෙයක්. සමහර ටියුෂන් පංති ගුරුවරුන් උගන්වන ගමන්ම  දුම්වැටි භාවිතා කරනවා. ඇතැම් අය ඉඳලා හිටලා සිගරට් එකක් දෙකක් බිව්වට කමක් නැහැ වැනි අදහස් පංතියේදී ප්‍රසීද්ධියේම කියලා තියෙනවා. "ඉඳල හිටලා පොඩි ‍අඩියක් ගැහැව්වට කමක් නැහැ " "කොල්ලෝ උනහම ඕවා කරල තියෙන්න ඕනේ." මෙහෙම කියන මේ අය ගුරුවරුන් ද කියලත් ප්‍රශ්ණයක් තියෙනවා. කෙසේ වෙතත් මේ ගුරුවරු තමන් ගැන ප්‍රචාරය කරන්නේ ලංකාවේ ඉහළම සාමාර්ථයන් ලබා ගැනීම සඳහා තමන්ගේ පංති වලට සහභාගීවීමෙන් ලබා ගත හැකි බවයි. එම ගුරුවරයාගේ ප්‍රතිරූපයට 
( "ඉහළම සාමාර්ථ ලබා දෙන " ) අකාර්ශණය වි ටියුෂන් පංතියට යන දරුවා අනියමින් දුම්වැටි ප්‍රචාරය කිරීමේ උපක්‍රමයේ ගොදුරක් වෙලා.ටියුෂන් කරන මෙබඳු ගුරුවරුන්ද කරන්නේ දුම්වැටි වෙළඳාමට කඩේ යෑමකි.එම ගුරුවරයා ගුරුවරයෙක් නොව සිගරට් විකුණන වෙළෙන්දෙකි.

 
   

     ඉහත උදාහරණ දෙකෙන්ම පෙනෙන දේ තමා අප සැම වෙත එල්ල වි ඇති අවදානමයි.භාවිතා  කල හැකි සැම ඉඩකඩක්ම  දුම්වැටි ,මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යයන් දිරිගන්නවන   සෘජු සහ වක්‍ර ප්‍රචාරණයන් සඳහා යොදා ගැනීමට අද එම ජාවාරම්කරුවන් පෙළෙඹී ඇති බවයි.
  අද ලිපිය ටිකක් දිග වැඩි වගේයි. ඒත් මේ ටික නොකියාම බැහැ. විශේෂයෙන්ම තාරුණ්‍යය අර්ථවත් කර ගැනීම හැමගේ වගකීමයි. ඉදිරි ලිපියකින්ද  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය භාවිතය දිරි ගන්වන අකාරය දිහා බලමු . ඔබගේ අදහස් අපගේ ධෛර්යයට හේතුවක් බැවින්  pivisuma@gmail.com  ලිපිනය ඒවා එවන්න.

Saturday, November 5, 2011

මෙන්න ඇත්ත





     

    දුම්වැටිය වටා ගොඩ නංවා ඇති ආකර්ශණය තුළින් වසා ඇති දේ ඉතාමත්ම පැහැදිලියි.අප රටේ මේ දක්වා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වල සාර්ථක ප්‍රතිපලයක් වශයෙන් අද වන විට තරුණ පරපුර දුම්වැටියෙන් ඈත් වී සිටීම සතුටට කරුණක්. ලංකාවේ දුම්වැටි භාවිතය නිසා වසරකට 20000 ආසන්න ජීවිත ගණනක් මරණයෙන් වන්දි ගෙවනවා.සෑම වසරකම ඒ සා විශාල ගණනක් මිය යද්දි කර්මාන්තයකට පැවැත්මක් තිබිය හැකිද කියා මොහොතක් සිතා බලන්න . ඉහත විඩියෝ දර්ශණයෙන් දුම්වැටියක් දැල්වී අවසන් වෙද්දි අපේ  ශරීරයේඇති වන  අශෝභන තත්ත්වය  මොනවට පැහැදිලි කරනවා   ද ?  ඉතා පැහැදිලිවම මිය යන 20000 වෙනුවට තවත් පාරිභෝගිකයන් එපමණ සංඛ්‍යාවක් බවා ගැනීමට දුම්වැටි කර්මාන්තය ලංකාවේ ක්‍රියාත්මක නොවී තිබිය හැකි ද ? දුම්ටැටි භාවිතයෙන් ඇත්තටම පුද්ගලයාට සිදුවෙන දේ දුම්වැටි කර්මාන්තයේ සියුම් උපක්‍රම මගින්  හංගන්නේ ඇයි ? ඊළ ලිපියෙන් දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය  කර්මාන්තයේ සියුම් උපක්‍රම ගැන අපි සොයා බලමු. ඒ සහා ඔබගේ අදහස් pivisuma@gmail.com ලිපිනයට යොමු කරන්න.


මත්ද්‍රව්‍ය යනු බොරුව සමාජ ගත කිරීමකි
   පහත සටහන  දුටු පමණින්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්  ‍‍බොහෝ දෙනෙක් තුල තිබෙන මිත්‍යා මතයක් ගැන පැහැදිලි කර ගන්න පුළුවන් බොරු ගණනාවක් තිබෙනවා.ඒවා අපි  ඉදිරියේදී හුනාගනිමු. ‍
   බොහෝ දෙනෙකු සිතා සිටින්නේ අප සමාජයේ වැඩි පුර සිටින්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් යැයි කියාය. මෙය මත්ද්‍රව්‍ය භාවිතා කරන  සුළුතරයක් අප වෙත පටවා ඇති එක් බොරුවක් '
  ඉහත සටහන අපිට අයිස් කන්දකට උපමා කර බලන්න පුළුවන්. අයිස් කන්දක මතු පිටට පෙනෙවාට වඩා වැඩි කොටසක් හැංගිලා තිබෙන්නේ මුහුද යට. මතු පිටට පෙනෙන්නේ ඉතා සුළු කොටසක් පමණයි. මතු පිටට පෙනෙන  සුළු කොටස දිහා බලා අයිස් කන්දේ ප්‍රමාණය මෙලෙස යැයි කියන්න පුළුවන් ද?
   අපිට මුද්‍රත හා විද්‍යුත් මාධ්‍ය මගින්ද විවිධ ප්‍රචාරයන් මගින්ද අරක්කු සිගරට් භාවිතා කරන අය ගැන විස්තර දිනපතාම දකින්නට අසන්නට ලැබෙනවා.ඔවුන් කළ කී දෑ මාධ්‍ය මගින් ප්‍රචාරණය කරන්නේ මහත් අභිරුචියකින්.මේවා දිනපතාම ඇහෙන විට දකින විට පොදු ජනතාව විශ්වාස කරන්නේ ඉන්න තරමක් ඉන්නේ අරක්කු සිගරට් භාවිතා කරන අය කියාය. මීට අමතරව අරක්කු සිගරට් ඉහිට භාවිතා කරන කොටසකුත් සමාජයේ සිටිනවා.  අයිස් කන්දේ යට සිටින අරක්කු සිගරට් භාවිතා නොකරන කොටස් දෙස බැලුවහම ඔවුන්ගේ ප්‍රමාණය ඉහතින් සිටින ‍කොටස් දෙකටම වඩා වැඩියි. කුඩා ළමුන් , පාසැල් දරුවන් , ගෘහණියන් වැටෙන්නේ මේ කොටසට .

  අප පරාජය කළ යුතු බොරු කිහිපයක්ම මෙතැන තිබෙනවා.
1.       සමාජයේ අප වඩා සි‍ටින්නන්ගෙන් බහුතරයක් අරක්කු සිගරට් භාවිතා කරන්නන් යැයි  යන මිත්‍යාව
2.       අරක්කු සිගරට් භාවිතා කරන සුළුතරයක් විසින් පොදු ජනතාව වෙත බලහත්කාරයෙන් මතවාද පැටවීම
  මීට අමතරව අරක්කු සිගරට් භාවිතා කරන සුළුතරයක් විසින් සමාජයේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් පැහැර ගෙන තිබීමත් අපගේ අවධානයට ගත යුතු කරුණක්   .  

මත්ද්‍රව්‍ය යනු බොරුව සමාජ ගත කිරීමකි.

   සුළුතරයක් විසින් සමාජ ගත  කොට තිබෙන මිත්‍යා මතයක් බහුතරයක් දෙනා  විසින් පිළිගැනීම කෙතරම් අවාසනාවන්ත දෙයක්ද ? අපරාධයක්ද ?

සයිබර් අවකාශයේ මත්ද්‍රව්‍ය නිවාරණය - පිවිසුම


     නූතන තාක්‍ෂණයත් සමග මුළු ලෝකයම  එක් පවුලක් වි හමාරය.ලෝක ජනහණය බිලියන 07ක් විමත් සමග මිනිස් ගැටළු තව දුරටත් සංකිර්ණත්වයට පත් විම නොවැළැක් විය හැකි කරුණකි.කෙසේ වෙතත් කවර තත්ත්වයක් යටතේ වුවත් අපට ලාංකිකයන් ලෙස රටට වැඩදායි දෙයක් කිරීමට අද තරම් උචිත අවධියක් නැති තරම්.පිවිසුමෙන් උත්සහ කරන්නේ අපේ රටට අපේ යුතුතම ඉටු කරමු තේමාවෙන් ලංකාවේ ප්‍රධාන ගැටළුවක් වන මත්ද්‍රව්‍ය ගැටළුව විසීමට ඔබ සැම දායක කර ගැනීමයි.සයිබර් අවකාශයේ විවිධාකාර වෙබ් අඩවි රාශියක් තිබුණද ඉන් බොහොමයක් මත්ද්‍රව්‍ය භාවිතය දිරි ගන්වන සුළු ඒවා බැව් නොකියාම බැරිය.එය දැන හෝ නොදැන සිදු කළද ඉන් සිදුවන හානිය සුළු පටු නොවේ. අද  දින වන විට සයිබර් අවකාශයේ දිනපතාම සැරි සරන්නන්ගේ සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බැව් නොරහසකි. ඉන් බහුතරයක් අපේ තාරුණ්‍යය නියෝජනය කරයි. විභාග ප්‍රතිපල බැලීම , රැකියාවක් තෝරා ගැනීම , විදෙස් ගත ඥාතීන්/හිතමිතුරන් සමග සම්බන්ධ වීම , ඉඩ කඩම් වාහන ගැනීම හෝ විකිණිම ,මනාල මනාලියන් තෝරා ගැනීම වැනි විවිධාකාර අවශ්‍යතා වෙනුවෙන් සයිබර් අවකාශයට පිවිසෙන්නන්ගේ සංඛ්‍යාව ගැණිය නොහැකි තරම්ය.මේ සැවොම ජාවාරම් කරුවන්ගේත් මෙන්ම මත්ද්‍රව්‍ය වෙ‍ළෙන්දන්ගේත් ගොදුරු බව මොහොතකටවත් අප සිතා ඇත්ද? හැි ඇත්ද ?

       පිවිසුමෙන් උත්සාහ කරන්නේ  මත්ද්‍රව්‍ය උවදුර දුරලීම සහා  අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි ඔබත් සමග කතිකාවක් ගොඩ නැගිමයි. අපට අපගේ අත්දැකීම් මෙහිදී සාකච්ජා කරන්න පුළුවන්.මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්විම සහා අපට ක්‍රියාත්මක විමට හැකි සාර්ථක ක්‍රම පිළිබඳව සොයා බැලිමට පුළුවන්. ඔබගේ අදහස් යෝජනා pivisuma@gmail.com  ලිපිනයට එවන්න.මත්ද්‍රව්‍ය ගැටළුව විවේනය කිරීම පමණක් නොව ඒ සහා අප අපට හැකි ආකාරයෙන් ක්‍රියාත්මක විමත් අද අවශ්‍යතාවක් වෙලා. නොයෙකුත් අවශ්‍යාතාවන් වෙනුවෙන් සයිබර් අවකාශයට පිවිසෙන ඔබටත් රට වෙනුවනේ කළ හැකි දෑ වෙනුවෙන් අවධානය යොමුකිරීම වැදගත් .මත්ද්‍රව්‍ය ගැටළුව විසිම  රජයේ වැඩක් ‍ලෙසින් ලඝු නොකොට  අපිත් ඒ සහා අලුත් පිවිසුම් ක්‍රම සොයා බලමු.
පිවිසුම යනු සයිබර් අවකාශයේ මත්ද්‍රව්‍ය නිවාරණයයි.