ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Friday, December 23, 2011

20 වැනි සියවසේ මිලියන 100 ක මහා මිනිස් සංහාරය - ලංකා රජයෙන් නව නීති ලඟදීම

  
 20 වැනි සියවසේ දී මිලියන 100 ක මිනිසුන් අමුඅමුමේ ඝාතනය කිරීමක්.මෙය අපට විශ්වාස කිරීමට අමාරු පුවතක් වනු නොඅනුමානය. මේ මිනිස් සංහාරය කරන්නේ කවුරුන්ද ? ඒ තමා ලෝකයේ තිබෙන සියලූම දුම්කොළ සමාගම්.මේ බව කියන්නේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝපොන්සේකා මහතා . ඊට ලංකාවෙන් වර්ෂයකට 20000ක් එකතුවන බව පිවිසුම බ්ලෝග්අඩවිය ඇසුරු කරන සැවොම මේ වන විට දන්නා දෙයක්. මෙහි වඩාත්ම භයානක කරුණ වන්නේ ‍ඔබ මම ජීවත්වන මෙම  සියවසේදීද මිනිසුන් ට්‍රිලියනයක සංඛ්‍යාවකට මරණය වැළ ගැනීමට ඇති ඉඩකඩයි.දුම්කොළ සමාගම් උත්සාහා කරන්නේ දුම්වැටි භාවිතා  කිරීමෙන් සිදුවන නියත මරණය සවා අතිශයින්ම සාවාද්‍ය මුසාවන් (ආකර්ශණීය ප්‍රචාරයණයන්)  දුම්වැටිය වඩා ගොඩනැංවීමයි.සමහරු නොදැනුවත්වම මෙම කර්මාන්තයේ බොරු ප්‍රචාරණයන් සහා බළල් අත් වී තිබීම සැබවින්ම කණගාටුදායකය. මෙම කරුණ අප විසින් දිගින් දිගටම පිවිසුමෙන් පෙන්වා දි ඇත.ඔබ  ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් ,  සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින්නෙක් නම් මේ මොහොතේ සිට කළ යුතුව ඇත්තේ ඔබ අනියමින් හෝ මෙම කර්මාන්තය සහා සේවය කරන්නෙක්ද යන්න මොහොතක් විමසා බැලීමයි. ඇතැම් විට අපගේ  බ්ලොග් සහෝරයන්ගේ ප්‍රකාශණ වලින් අනියමින් මෙම කර්මාන්තයට වාසි සැළසෙන බව ද සටහන් කළ යුතුව තිබෙන දෙයක්.
    ශ්‍රී ලංකා රජය පැනවීමට යන නීති සහ ඒ පිළිබඳව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝපොන්සේකා මහතාගේ අදහස් දැක්වීම මෙතැනින් බලන්න.මේ සම්බන්ධ ඔබගේ අදහස් ඉදිරි සංවාදයකට විවෘත බැවින් pivisuma@gmail.com  ට එවන්න.

Tuesday, December 20, 2011

දුම්කොළ ගෝලීය උණුසුම නංවයි.

   දුම්කොළ වගාව පිළිබව බොහෝදෙනා නොදත් කරුණු රාශියක් මෙමගින් දැන ගත හැක. (දිවයින 2011.11.20 ) විශේෂයෙන්ම පරිසරවේදීන් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුව ඇත.එම ලිපිය මෙතැනින් බාගෙන කියවන්න. ඒ සම්බන්ධ ඔබේ අදහස් දන්වන්න.

Saturday, December 17, 2011

උත්සව සමය / අපේ වගකීම හා රටේ සංවර්ධනය

    අද දවසේ සමස්ත ලාංකික ජනතාව මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට ගොදුරු වෙලා අවසන්. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ දුම්වැටියක් භාවිතයෙන් හානි වන්නේ එය භාවිතා කරන්නන්ට පමණක් බවයි.මධ්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතයෙන් හානියක් වන්නේ එය භාවිතා කරන්නන්ට පමණක් බවයි. එහෙත් මෙය කෙතරම් සාවද්‍යද යන්න සෙඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහිපාල  මහතා ගේ ප්‍රකාශණයකින් ඔප්පු වෙනවා. 



එතුමා සහන් කරන කරුණු එකිනෙක පෙල ගස්වා බලමු.
1.උත්සව සමයේ බීමතින් රිය පැදවීමෙන් වැළකෙන ලෙස පොලීසියෙන් කරන අවවාද කිරීමට සිදුව තිබීම
2.දිනකට මාර්ග අනතුරු නිසා 06 දෙනෙක් මිය යන බවත් මාර්ග අනතුරු වලින්  41% කටම හේතුව බීමත් කම බව
3.සෑම පැය 04 කට වරක් රිය අනතුරක් සිදු වන අතර එම අනතුරු වලින් 20%කටම හේතුව බීමත්ව රිය පැදවීම බව
4.2012 අයවැයෙන් ජනතා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා  රුපියල් මිලියන 100 ක් වෙන් කොට ඇති අතර එම මුදලින්    රුපියල් මිලියන 750ක් වෙන් කොට ඇත්තේ අත්‍යාවශ්‍ය   රෝහල් උපකරණ හා පහසුකම් සැපයීම සඳහා බව
5. මාර්ග අනතුරු ඇතුළු හදිසි අනතුරුවලට ගොදුරු වන රෝගීන්ට ප්‍රතිකාර දීම සඳහා හදිසි ප්‍රතිකාර ඒකක දිවයිනේ සැම ශික්ෂණ රෝහලකම ඇති කොට තිබෙන අතර ඉදිරියේදී දිවයිකේ සෑම රෝහලකම හදිසි ප්‍රතිකාර ඒකක  ඇති කිරීමට සිදුව තිබෙන බව
( උපුටා ගැනීම සිළුමිණ 2011 දෙසැම්බර් මස 18 වැනිදා)
මෙතෙක් කල් සමාජයන් සැඟව තිබුණු රහසක් කරලියට ඒමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. රෝහල් පහසුකම් වලින් වැඩිපුර කොටසක් වෙන්කොට තිබෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය හෝ ඒ ආශ්‍රිත නිසා ඇති වූ රෝග සඳහාය යන අදහස මෙතෙක් කල් මත්ද්‍රව්‍ය නිවාරකයන් විසින් මතු කරනු ලැබුවද වෛද්‍ය මහිපාල මහතාගේ ප්‍රකාශයත් සමග එය මනාව සනාථ වෙනවා.
   මත්දුව්‍ය භාවිතය සමාජ උවදුරක් දක්වා වර්ධනය වීම සංවර්ධනය කෙරේ බලපාන සෘජු හේතුවක්. සාමාන්‍ය ජනතාවට  නිදහසේ මහ මග ගමන් කිරීමට නොහැකිනම්, අසරණ රෝගීන් සඳහා  සහ  දියුණු වෛද්‍ය පරීක්‍ෂණ කිරීම සඳහා යෙදවීමට ඇති මුදල් මත්දුව්‍ය ආශ්‍රිත ගැටළු සඳහා යොමු කිරිමට සිදුව ඇත්නම් ඒ කුමන සංවර්ධනයක්ද යන ප්‍රශ්ණය නැගිය යුතුව තිබෙනවා.එහි දී නැගිය හැකි ප්‍රභලම චෝදනාව නම් සැබෑ සංවර්ධනය ලාංකිකයන්ට උරුම නොවීමට බලපාන හේතුව වන්නේත් මත්ද්‍රව්‍ය භාවිතය බවයි. මත්දුව්‍ය භාවිතා කරන සංඛ්‍යාව නිසා සමස්ථ බහුතරයකට උදා වී ඇති "සෙනසුරු දසාව"  වෙනස්  කිරීමට කාලය පැමිණ ඇත. තව දුරටත් බහුතර ජනතාව මත්දුව්‍ය වෙළෙන්දන්ගේ සහ භාවිතා කරන්නන්ගේ ගොදුරක් බවට පත් විය යුතු නැත.
   මෙහි අවධානය යොමු කළ යුතුම තව කරුණක් ඇත. එනම්  මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන්  බෙහෝ දෙනෙක් සිතන්නේ ප්‍රශ්නයක් වන්නේ බේබදුකම පමණක් බවයි . ඉඳහිට හෝ යම් අවස්ථාවක් සැමරීමට මත්ද්‍රව්‍ය භාවිතය සාධාරණීය කිරීමක් ඇතැම් විට දැකිය හැකිය. පොලී සිය සහ වෛද්‍ය මහිපාල පවසන පරිදි මෙම උත්සව සමයේ මාර්ග අනතුරු බහුල වීමට හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයයි.එනම් මේ තත්ත්වය ඇති කරන්නන් නිසා  ඉඳහිට හෝ උත්සවයකදී හෝ මත්ද්‍රව්‍ය භාවිතය සාධාරණීකරණය කළ හැකිද ? කවර තත්ත්වයක් යටතේ හෝ මත්ද්‍රව්‍ය භාවිතය  "සැපක් " යැයි හඳුනා ගත හැකි ද? සාමාන්‍ය අසරණ මිනිසුනු මහ මගදී අනතුරු වලට ලක් වෙන බවට මෙතරම් සාක්‍ෂි තිබියදීත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් " සැපක් " "සතුටක් " "විනෝදයක් " ලැබිය හැකි යැයි තව දරටත් ලාංකිකයන් නම් රැවටිය නොහැකිය.අවසානයේදී සිදු වන්නේ නොමැති "සතුටක් " සොයා ගොස් හිරේ විලංගුවේ වැටෙන්නටය.දඩ මුදල් ගෙවන්නටය.උසාවී ගානේ රස්තියාදු වන්නටය. සමාජයේ අපවාදයට ලක් වන්නටය.
  පොලීසියට සාමාන්‍ය ආරක්‍ෂක කටයුතු වලට අවධානය යොමු කිරීම මග හැරී ඇත්තේද මත්ද්‍රව්‍ය ආශ්‍රිත කටයුතු වලට වැඩි කාලයක් යෙදවීමට සිදුව තිබෙන තත්ත්වයක් තුළය . ඒ නිසා පොලිසියේ කටයුතුද අඩපණ වී ඇත. අද දවසේ ‍පොලී‍සියේ කාර්ය භාරය ගැන ප්‍රභල විවේචන දැකිය හැකිය . නමුත් ඒ විවේචන එල්ල කරන අය මේ කරුණ ගැන අවධානය ‍යොමු කොට ඇති බවක් නොහැඟවේ.
  දුම්වැටි  භාවිතය නිසා පමණක් වසරකට අප ර‍ටේ මිනිස්සු 20000 ක් පමණ මිය යනබවට ගණන් බලා ඇත.මේ මිය යන්නේ එම "භාණ්ඩයේ " හොඳම පාරිභෝගිකයන් සියළු දෙනාය. එනම් ‍වැඩියෙන්ම දුම්වැටි උරන්නන්ය. එම මිය යන 20000 වෙනුවට තව තවත් පාරිභෝගිකයන් ආකර්ශණය කර ගැනිමකින් තොරව එම  කර්මාන්තයට පැවැතිය නොහැකිය. ඒ නිසා ඉහත සත්‍යයන් තව දුරටත් සඟවා තබන්නට එම කර්මාන්තය තව දුරටත් මුදල් රුපියල් මිලියන ගණනක් වැය කොට සමස්ථ සමාජය පුරා අසත්‍යයන් ප්‍රචාරය කරනු නිසැකය.ඔබ එහි කොටස් කරුවකු නොවීමට වග බලාගන්න.රටේ සංවර්ධය වෙනුවෙන් ඔබට දායක විය හැක්කේ එසේය. ‍රටේ සංවර්ධනය අප සැමගේ වගකීමක් බව අමතක නොකළ යුතුය.

මේ සම්බන්ධ ඔබගේ අදහස් pivisuma@gmail.com  ලිපිනය යොමු කරන්න

Saturday, December 10, 2011

මත්ද්‍රව්‍ය පිළිබඳ සැබෑ අවබෝධය

   මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක හා අනෙකුත් කරුණු පිළිබව බොහෝදෙනක් අවධානය යොමු කොට ඇති බව ඒ සම්බන්ධව කරන විමසීම් වලින් පැහැදිලි වන දෙයක් . පහත සහන් සම්බන්ධතා මගින් ඔබේ දැනුම අවබෝධය දියුණු කර ගත හැකිය.

Thursday, December 8, 2011

නිවාරණයට ඔබට ද සහාය විය හැකිය

    සයිබර් අවකාශයේ මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබවත් උනන්දුව පිළිබවත්  සහෘද ඔබ සැමට නිහතමානිව ස්තූතිය පුදකරන්න කැමැතියි. පසුගිය දිනෙක  පිවිසුම ඊමේල් ලිපිනයට මහරගම ජනාධිපති විද්‍යාලයේ  ජයශාන්ත ශිෂ්‍යා  එවා ඇති නිර්මාණය මෙයයි.


    මෙය සරළ නිර්මාණයක් බව පෙනෙන්ට තිබුණත් ඔහු උත්සහා දරා ඇත්තේ විශිෂ්ට වෑයමක්.ජංගම දුරකථන අද දින වසංගතයක් තරමටම ප්‍රශ්ණයක්ව පවතින අවස්ථාවක  එම දරුවා ගේ නිර්මාණාත්මක බව නිසා ජංගම දුරකථනය මත්ද්‍රව්‍ය ප්‍රචාරණයට විරුද්ධව යොදා ගත හැකි බව පැහැදිලි වේ. අද දින ලංකාවේ ජනගහණයටත් වඩා ජංගම දුරකථන භාවිතා වන බව යම් තැනක සටහන්ව තිබුණු බව මේ අවස්ථාවේ සිහිපත් වේ. ජංගම දුරකථන හරහා මත්ද්‍රව්‍ය භාවිතය , ප්‍රචාරණය අධෛර්යයට පත් කිරීමට ‍යොදා ගත හැකි බවට එම දරුවා පෙන්නුම් කරන අදහස වැඩිහිටියන් වන අප සැමගේත් නිවාරණ ක්‍රියාකාරකම් වල යෙදි සිටින සැමගේත් අවධානයට යොමු විය යුතු බව පිවිසුමේ සටහන් කරමු.

  ඔබත් මෙවැනි නිර්මාණාත්මක දේ කිරීම ‍කෙරෙහි අවධානය යොමු කිරීමෙන් නිවාරණ  කටයුතු වලට ඔබට ද සහාය විය හැකිය.එම නිර්මාණ pivisuma@gmail.com ලිපිනයට එවන්න.  

Saturday, December 3, 2011

දුම්වැටිය උරන්නා අඩු අධිෂ්ඨානය ඇත්තෙකි - නූතන වෛද්‍ය මතය



      දුම්වැටි භාවිතය පිළිබව අද වන විට පර්යේෂණ රාශියක් සිදු කර ඇත. ශාරීරිකවත් මානසිකවත් සිදු වන බලපෑම ඒවායින් මානව ඔප්පු කොට ඇත . කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා මහාතා ගේ මේ ප්‍රකාශය දෙස බලමු.
      ".............ඔබට දුම්පානය නතර කරන්නට වුවමනාව ඇත්නම් මුලින්ම ඒ සඳහා දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත යුතුයි. දුම්වැටි නතර කර සතුටින් සිටින අය සමාජයේ පිරී ඉන්නා බව සිහි තබා ගන්න . එවැනි දවසක් ඔබටත් උදා කර ගත  හැකි බවත් දුම්වැටි නැතිව සතුටින් සිටිය හැකි බවත් විශ්වාස කරන්න. අනික් අය කළ විදිහටම මටත් පුළුවන්  යැයි සිතන්න.ඒ සිතට ගරු කරන්න. 'අනේ මට බෑනේ මගේ හිත ඒකට හයිය මදිනේ' කියමින් ඔබේ සිත සමච්චලයට හැල්ලුවට ලක් කරන්න එපා............"  (ඉරිදා ලක්බිම 2011.12.04 )

   පුද්ගලයෙකු සතුව ඉහළ අධිෂ්ඨානයක් ඇත්නම්  වැරැදි පුරුදු පවා වෙනස් කළ හැකි බවට කදිම සාක්‍ෂියක් තමා මෙමගින්  සපයන්නේ.ඖෂධ වලට යා හැක්කේ සීමිත දුරක් පමණයි. බොහෝ දෙනෙක් ‍වෛද්‍ය ප්‍රකිකාර ගැන විශ්වාසය තැබුවද පුද්ගල අධිෂ්ඨානය කෙරේ විශ්වාසය තැබීමට මැලි වන නිසයි අසාර්ථක ප්‍රතිපල ලබන්නේ. දුම්වැටි ‍පමණක්ම නොව කවර හෝ මත්ද්‍රව්‍යයක් වුවද භාවිතා කරන්නේ හීන අධිෂ්ඨානයන් ඇති අයයි . කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා මහතාගේ සම්පූර්ණ අදහස් දැක්වීම මෙතැනින් ලබා කියවා  ඒ පිලිබව ඔබගේ අදහස්  pivisuma@gmail.com වෙත  දන්වා එවන්න.