ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, December 17, 2011

උත්සව සමය / අපේ වගකීම හා රටේ සංවර්ධනය

    අද දවසේ සමස්ත ලාංකික ජනතාව මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ ග්‍රහණයට ගොදුරු වෙලා අවසන්. බොහෝ දෙනෙක් සිතා සිටින්නේ දුම්වැටියක් භාවිතයෙන් හානි වන්නේ එය භාවිතා කරන්නන්ට පමණක් බවයි.මධ්‍යසාර හෝ වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතයෙන් හානියක් වන්නේ එය භාවිතා කරන්නන්ට පමණක් බවයි. එහෙත් මෙය කෙතරම් සාවද්‍යද යන්න සෙඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහිපාල  මහතා ගේ ප්‍රකාශණයකින් ඔප්පු වෙනවා. 



එතුමා සහන් කරන කරුණු එකිනෙක පෙල ගස්වා බලමු.
1.උත්සව සමයේ බීමතින් රිය පැදවීමෙන් වැළකෙන ලෙස පොලීසියෙන් කරන අවවාද කිරීමට සිදුව තිබීම
2.දිනකට මාර්ග අනතුරු නිසා 06 දෙනෙක් මිය යන බවත් මාර්ග අනතුරු වලින්  41% කටම හේතුව බීමත් කම බව
3.සෑම පැය 04 කට වරක් රිය අනතුරක් සිදු වන අතර එම අනතුරු වලින් 20%කටම හේතුව බීමත්ව රිය පැදවීම බව
4.2012 අයවැයෙන් ජනතා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා  රුපියල් මිලියන 100 ක් වෙන් කොට ඇති අතර එම මුදලින්    රුපියල් මිලියන 750ක් වෙන් කොට ඇත්තේ අත්‍යාවශ්‍ය   රෝහල් උපකරණ හා පහසුකම් සැපයීම සඳහා බව
5. මාර්ග අනතුරු ඇතුළු හදිසි අනතුරුවලට ගොදුරු වන රෝගීන්ට ප්‍රතිකාර දීම සඳහා හදිසි ප්‍රතිකාර ඒකක දිවයිනේ සැම ශික්ෂණ රෝහලකම ඇති කොට තිබෙන අතර ඉදිරියේදී දිවයිකේ සෑම රෝහලකම හදිසි ප්‍රතිකාර ඒකක  ඇති කිරීමට සිදුව තිබෙන බව
( උපුටා ගැනීම සිළුමිණ 2011 දෙසැම්බර් මස 18 වැනිදා)
මෙතෙක් කල් සමාජයන් සැඟව තිබුණු රහසක් කරලියට ඒමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. රෝහල් පහසුකම් වලින් වැඩිපුර කොටසක් වෙන්කොට තිබෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතය හෝ ඒ ආශ්‍රිත නිසා ඇති වූ රෝග සඳහාය යන අදහස මෙතෙක් කල් මත්ද්‍රව්‍ය නිවාරකයන් විසින් මතු කරනු ලැබුවද වෛද්‍ය මහිපාල මහතාගේ ප්‍රකාශයත් සමග එය මනාව සනාථ වෙනවා.
   මත්දුව්‍ය භාවිතය සමාජ උවදුරක් දක්වා වර්ධනය වීම සංවර්ධනය කෙරේ බලපාන සෘජු හේතුවක්. සාමාන්‍ය ජනතාවට  නිදහසේ මහ මග ගමන් කිරීමට නොහැකිනම්, අසරණ රෝගීන් සඳහා  සහ  දියුණු වෛද්‍ය පරීක්‍ෂණ කිරීම සඳහා යෙදවීමට ඇති මුදල් මත්දුව්‍ය ආශ්‍රිත ගැටළු සඳහා යොමු කිරිමට සිදුව ඇත්නම් ඒ කුමන සංවර්ධනයක්ද යන ප්‍රශ්ණය නැගිය යුතුව තිබෙනවා.එහි දී නැගිය හැකි ප්‍රභලම චෝදනාව නම් සැබෑ සංවර්ධනය ලාංකිකයන්ට උරුම නොවීමට බලපාන හේතුව වන්නේත් මත්ද්‍රව්‍ය භාවිතය බවයි. මත්දුව්‍ය භාවිතා කරන සංඛ්‍යාව නිසා සමස්ථ බහුතරයකට උදා වී ඇති "සෙනසුරු දසාව"  වෙනස්  කිරීමට කාලය පැමිණ ඇත. තව දුරටත් බහුතර ජනතාව මත්දුව්‍ය වෙළෙන්දන්ගේ සහ භාවිතා කරන්නන්ගේ ගොදුරක් බවට පත් විය යුතු නැත.
   මෙහි අවධානය යොමු කළ යුතුම තව කරුණක් ඇත. එනම්  මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන්  බෙහෝ දෙනෙක් සිතන්නේ ප්‍රශ්නයක් වන්නේ බේබදුකම පමණක් බවයි . ඉඳහිට හෝ යම් අවස්ථාවක් සැමරීමට මත්ද්‍රව්‍ය භාවිතය සාධාරණීය කිරීමක් ඇතැම් විට දැකිය හැකිය. පොලී සිය සහ වෛද්‍ය මහිපාල පවසන පරිදි මෙම උත්සව සමයේ මාර්ග අනතුරු බහුල වීමට හේතුවක් වන්නේ මත්ද්‍රව්‍ය භාවිතයයි.එනම් මේ තත්ත්වය ඇති කරන්නන් නිසා  ඉඳහිට හෝ උත්සවයකදී හෝ මත්ද්‍රව්‍ය භාවිතය සාධාරණීකරණය කළ හැකිද ? කවර තත්ත්වයක් යටතේ හෝ මත්ද්‍රව්‍ය භාවිතය  "සැපක් " යැයි හඳුනා ගත හැකි ද? සාමාන්‍ය අසරණ මිනිසුනු මහ මගදී අනතුරු වලට ලක් වෙන බවට මෙතරම් සාක්‍ෂි තිබියදීත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් " සැපක් " "සතුටක් " "විනෝදයක් " ලැබිය හැකි යැයි තව දරටත් ලාංකිකයන් නම් රැවටිය නොහැකිය.අවසානයේදී සිදු වන්නේ නොමැති "සතුටක් " සොයා ගොස් හිරේ විලංගුවේ වැටෙන්නටය.දඩ මුදල් ගෙවන්නටය.උසාවී ගානේ රස්තියාදු වන්නටය. සමාජයේ අපවාදයට ලක් වන්නටය.
  පොලීසියට සාමාන්‍ය ආරක්‍ෂක කටයුතු වලට අවධානය යොමු කිරීම මග හැරී ඇත්තේද මත්ද්‍රව්‍ය ආශ්‍රිත කටයුතු වලට වැඩි කාලයක් යෙදවීමට සිදුව තිබෙන තත්ත්වයක් තුළය . ඒ නිසා පොලිසියේ කටයුතුද අඩපණ වී ඇත. අද දවසේ ‍පොලී‍සියේ කාර්ය භාරය ගැන ප්‍රභල විවේචන දැකිය හැකිය . නමුත් ඒ විවේචන එල්ල කරන අය මේ කරුණ ගැන අවධානය ‍යොමු කොට ඇති බවක් නොහැඟවේ.
  දුම්වැටි  භාවිතය නිසා පමණක් වසරකට අප ර‍ටේ මිනිස්සු 20000 ක් පමණ මිය යනබවට ගණන් බලා ඇත.මේ මිය යන්නේ එම "භාණ්ඩයේ " හොඳම පාරිභෝගිකයන් සියළු දෙනාය. එනම් ‍වැඩියෙන්ම දුම්වැටි උරන්නන්ය. එම මිය යන 20000 වෙනුවට තව තවත් පාරිභෝගිකයන් ආකර්ශණය කර ගැනිමකින් තොරව එම  කර්මාන්තයට පැවැතිය නොහැකිය. ඒ නිසා ඉහත සත්‍යයන් තව දුරටත් සඟවා තබන්නට එම කර්මාන්තය තව දුරටත් මුදල් රුපියල් මිලියන ගණනක් වැය කොට සමස්ථ සමාජය පුරා අසත්‍යයන් ප්‍රචාරය කරනු නිසැකය.ඔබ එහි කොටස් කරුවකු නොවීමට වග බලාගන්න.රටේ සංවර්ධය වෙනුවෙන් ඔබට දායක විය හැක්කේ එසේය. ‍රටේ සංවර්ධනය අප සැමගේ වගකීමක් බව අමතක නොකළ යුතුය.

මේ සම්බන්ධ ඔබගේ අදහස් pivisuma@gmail.com  ලිපිනය යොමු කරන්න

2 comments:

  1. ඔව් හොද ලිපියක්.
    රජයෙන්ම හමුදාවට අරක්කු සිගරට් දෙනවා නේද? පොලිසියටත් දෙනවද මන්ද,???

    ReplyDelete