ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Thursday, December 8, 2011

නිවාරණයට ඔබට ද සහාය විය හැකිය

    සයිබර් අවකාශයේ මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සම්බන්ධයෙන් දක්වන අදහස් පිළිබවත් උනන්දුව පිළිබවත්  සහෘද ඔබ සැමට නිහතමානිව ස්තූතිය පුදකරන්න කැමැතියි. පසුගිය දිනෙක  පිවිසුම ඊමේල් ලිපිනයට මහරගම ජනාධිපති විද්‍යාලයේ  ජයශාන්ත ශිෂ්‍යා  එවා ඇති නිර්මාණය මෙයයි.


    මෙය සරළ නිර්මාණයක් බව පෙනෙන්ට තිබුණත් ඔහු උත්සහා දරා ඇත්තේ විශිෂ්ට වෑයමක්.ජංගම දුරකථන අද දින වසංගතයක් තරමටම ප්‍රශ්ණයක්ව පවතින අවස්ථාවක  එම දරුවා ගේ නිර්මාණාත්මක බව නිසා ජංගම දුරකථනය මත්ද්‍රව්‍ය ප්‍රචාරණයට විරුද්ධව යොදා ගත හැකි බව පැහැදිලි වේ. අද දින ලංකාවේ ජනගහණයටත් වඩා ජංගම දුරකථන භාවිතා වන බව යම් තැනක සටහන්ව තිබුණු බව මේ අවස්ථාවේ සිහිපත් වේ. ජංගම දුරකථන හරහා මත්ද්‍රව්‍ය භාවිතය , ප්‍රචාරණය අධෛර්යයට පත් කිරීමට ‍යොදා ගත හැකි බවට එම දරුවා පෙන්නුම් කරන අදහස වැඩිහිටියන් වන අප සැමගේත් නිවාරණ ක්‍රියාකාරකම් වල යෙදි සිටින සැමගේත් අවධානයට යොමු විය යුතු බව පිවිසුමේ සටහන් කරමු.

  ඔබත් මෙවැනි නිර්මාණාත්මක දේ කිරීම ‍කෙරෙහි අවධානය යොමු කිරීමෙන් නිවාරණ  කටයුතු වලට ඔබට ද සහාය විය හැකිය.එම නිර්මාණ pivisuma@gmail.com ලිපිනයට එවන්න.  

2 comments:

  1. මහත්මයාණෙනි, ඔබේ මේ අඩවිය තව තවත් ප්‍රචාරණය කල හැකි නම් මීටත් වඩා සේවයක් වන බව මගේ හැඟීමයි... බ්ලොග් සින්ඩිකේටර සඳහා ඔබේ අඩවිය එකතු කරගන්න. උත්සාහයට ස්තුතියි... ජය !!!

    ReplyDelete
  2. මට හිතෙනව ලංකාවෙ සිගරට් බොන කට්ටිය අඩුවෙලා තිබිල දැන් ආපහු පොඩ්ඩ පොඩ්ඩ වැඩිවෙන්න පටන්ගෙන කියල.

    ReplyDelete