ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Friday, December 23, 2011

20 වැනි සියවසේ මිලියන 100 ක මහා මිනිස් සංහාරය - ලංකා රජයෙන් නව නීති ලඟදීම

  
 20 වැනි සියවසේ දී මිලියන 100 ක මිනිසුන් අමුඅමුමේ ඝාතනය කිරීමක්.මෙය අපට විශ්වාස කිරීමට අමාරු පුවතක් වනු නොඅනුමානය. මේ මිනිස් සංහාරය කරන්නේ කවුරුන්ද ? ඒ තමා ලෝකයේ තිබෙන සියලූම දුම්කොළ සමාගම්.මේ බව කියන්නේ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝපොන්සේකා මහතා . ඊට ලංකාවෙන් වර්ෂයකට 20000ක් එකතුවන බව පිවිසුම බ්ලෝග්අඩවිය ඇසුරු කරන සැවොම මේ වන විට දන්නා දෙයක්. මෙහි වඩාත්ම භයානක කරුණ වන්නේ ‍ඔබ මම ජීවත්වන මෙම  සියවසේදීද මිනිසුන් ට්‍රිලියනයක සංඛ්‍යාවකට මරණය වැළ ගැනීමට ඇති ඉඩකඩයි.දුම්කොළ සමාගම් උත්සාහා කරන්නේ දුම්වැටි භාවිතා  කිරීමෙන් සිදුවන නියත මරණය සවා අතිශයින්ම සාවාද්‍ය මුසාවන් (ආකර්ශණීය ප්‍රචාරයණයන්)  දුම්වැටිය වඩා ගොඩනැංවීමයි.සමහරු නොදැනුවත්වම මෙම කර්මාන්තයේ බොරු ප්‍රචාරණයන් සහා බළල් අත් වී තිබීම සැබවින්ම කණගාටුදායකය. මෙම කරුණ අප විසින් දිගින් දිගටම පිවිසුමෙන් පෙන්වා දි ඇත.ඔබ  ශ්‍රී ලංකාවේ යහපත වෙනුවෙන් ,  සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින්නෙක් නම් මේ මොහොතේ සිට කළ යුතුව ඇත්තේ ඔබ අනියමින් හෝ මෙම කර්මාන්තය සහා සේවය කරන්නෙක්ද යන්න මොහොතක් විමසා බැලීමයි. ඇතැම් විට අපගේ  බ්ලොග් සහෝරයන්ගේ ප්‍රකාශණ වලින් අනියමින් මෙම කර්මාන්තයට වාසි සැළසෙන බව ද සටහන් කළ යුතුව තිබෙන දෙයක්.
    ශ්‍රී ලංකා රජය පැනවීමට යන නීති සහ ඒ පිළිබඳව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝපොන්සේකා මහතාගේ අදහස් දැක්වීම මෙතැනින් බලන්න.මේ සම්බන්ධ ඔබගේ අදහස් ඉදිරි සංවාදයකට විවෘත බැවින් pivisuma@gmail.com  ට එවන්න.

1 comment:

  1. කලෝ මහත්තයගෙ ගතියක් තියනවනෙ තමන් පොර වෙන්න පොඩි පොර ටෝක් එකක් දාන එක. කමක් නෑ හොද දේකටනේ.
    රටක මද්‍යසාර, දුම්කොළ භාවිතය නැති කරල දාන්න මුලින්ම රටේ රජ්ජුරුවෝ එහෙම වෙන්න ඕනි.
    උන්නැහෙට ඒක අමතක වෙලාද මන්ද,
    (අනේ ඇත්තට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට පොර ටෝක් විතරක් නැතුව බිමට බැහැල මිනිස්සුත් එක්ක එකතුවෙලා වැඩක් කරන්න පුළුවන් සභාපති කෙනෙක් පත්වේවායි කියල ප්‍රාර්ථනා කන්නව.)

    ReplyDelete