ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, November 5, 2011

මෙන්න ඇත්ත





     

    දුම්වැටිය වටා ගොඩ නංවා ඇති ආකර්ශණය තුළින් වසා ඇති දේ ඉතාමත්ම පැහැදිලියි.අප රටේ මේ දක්වා ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වල සාර්ථක ප්‍රතිපලයක් වශයෙන් අද වන විට තරුණ පරපුර දුම්වැටියෙන් ඈත් වී සිටීම සතුටට කරුණක්. ලංකාවේ දුම්වැටි භාවිතය නිසා වසරකට 20000 ආසන්න ජීවිත ගණනක් මරණයෙන් වන්දි ගෙවනවා.සෑම වසරකම ඒ සා විශාල ගණනක් මිය යද්දි කර්මාන්තයකට පැවැත්මක් තිබිය හැකිද කියා මොහොතක් සිතා බලන්න . ඉහත විඩියෝ දර්ශණයෙන් දුම්වැටියක් දැල්වී අවසන් වෙද්දි අපේ  ශරීරයේඇති වන  අශෝභන තත්ත්වය  මොනවට පැහැදිලි කරනවා   ද ?  ඉතා පැහැදිලිවම මිය යන 20000 වෙනුවට තවත් පාරිභෝගිකයන් එපමණ සංඛ්‍යාවක් බවා ගැනීමට දුම්වැටි කර්මාන්තය ලංකාවේ ක්‍රියාත්මක නොවී තිබිය හැකි ද ? දුම්ටැටි භාවිතයෙන් ඇත්තටම පුද්ගලයාට සිදුවෙන දේ දුම්වැටි කර්මාන්තයේ සියුම් උපක්‍රම මගින්  හංගන්නේ ඇයි ? ඊළ ලිපියෙන් දුම්වැටි ඇතුළු මත්ද්‍රව්‍ය  කර්මාන්තයේ සියුම් උපක්‍රම ගැන අපි සොයා බලමු. ඒ සහා ඔබගේ අදහස් pivisuma@gmail.com ලිපිනයට යොමු කරන්න.


මත්ද්‍රව්‍ය යනු බොරුව සමාජ ගත කිරීමකි
   පහත සටහන  දුටු පමණින්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන්  ‍‍බොහෝ දෙනෙක් තුල තිබෙන මිත්‍යා මතයක් ගැන පැහැදිලි කර ගන්න පුළුවන් බොරු ගණනාවක් තිබෙනවා.ඒවා අපි  ඉදිරියේදී හුනාගනිමු. ‍
   බොහෝ දෙනෙකු සිතා සිටින්නේ අප සමාජයේ වැඩි පුර සිටින්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් යැයි කියාය. මෙය මත්ද්‍රව්‍ය භාවිතා කරන  සුළුතරයක් අප වෙත පටවා ඇති එක් බොරුවක් '
  ඉහත සටහන අපිට අයිස් කන්දකට උපමා කර බලන්න පුළුවන්. අයිස් කන්දක මතු පිටට පෙනෙවාට වඩා වැඩි කොටසක් හැංගිලා තිබෙන්නේ මුහුද යට. මතු පිටට පෙනෙන්නේ ඉතා සුළු කොටසක් පමණයි. මතු පිටට පෙනෙන  සුළු කොටස දිහා බලා අයිස් කන්දේ ප්‍රමාණය මෙලෙස යැයි කියන්න පුළුවන් ද?
   අපිට මුද්‍රත හා විද්‍යුත් මාධ්‍ය මගින්ද විවිධ ප්‍රචාරයන් මගින්ද අරක්කු සිගරට් භාවිතා කරන අය ගැන විස්තර දිනපතාම දකින්නට අසන්නට ලැබෙනවා.ඔවුන් කළ කී දෑ මාධ්‍ය මගින් ප්‍රචාරණය කරන්නේ මහත් අභිරුචියකින්.මේවා දිනපතාම ඇහෙන විට දකින විට පොදු ජනතාව විශ්වාස කරන්නේ ඉන්න තරමක් ඉන්නේ අරක්කු සිගරට් භාවිතා කරන අය කියාය. මීට අමතරව අරක්කු සිගරට් ඉහිට භාවිතා කරන කොටසකුත් සමාජයේ සිටිනවා.  අයිස් කන්දේ යට සිටින අරක්කු සිගරට් භාවිතා නොකරන කොටස් දෙස බැලුවහම ඔවුන්ගේ ප්‍රමාණය ඉහතින් සිටින ‍කොටස් දෙකටම වඩා වැඩියි. කුඩා ළමුන් , පාසැල් දරුවන් , ගෘහණියන් වැටෙන්නේ මේ කොටසට .

  අප පරාජය කළ යුතු බොරු කිහිපයක්ම මෙතැන තිබෙනවා.
1.       සමාජයේ අප වඩා සි‍ටින්නන්ගෙන් බහුතරයක් අරක්කු සිගරට් භාවිතා කරන්නන් යැයි  යන මිත්‍යාව
2.       අරක්කු සිගරට් භාවිතා කරන සුළුතරයක් විසින් පොදු ජනතාව වෙත බලහත්කාරයෙන් මතවාද පැටවීම
  මීට අමතරව අරක්කු සිගරට් භාවිතා කරන සුළුතරයක් විසින් සමාජයේ පොදු ජනතාවගේ අයිතිවාසිකම් පැහැර ගෙන තිබීමත් අපගේ අවධානයට ගත යුතු කරුණක්   .  

මත්ද්‍රව්‍ය යනු බොරුව සමාජ ගත කිරීමකි.

   සුළුතරයක් විසින් සමාජ ගත  කොට තිබෙන මිත්‍යා මතයක් බහුතරයක් දෙනා  විසින් පිළිගැනීම කෙතරම් අවාසනාවන්ත දෙයක්ද ? අපරාධයක්ද ?

No comments:

Post a Comment