ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, November 5, 2011

සයිබර් අවකාශයේ මත්ද්‍රව්‍ය නිවාරණය - පිවිසුම


     නූතන තාක්‍ෂණයත් සමග මුළු ලෝකයම  එක් පවුලක් වි හමාරය.ලෝක ජනහණය බිලියන 07ක් විමත් සමග මිනිස් ගැටළු තව දුරටත් සංකිර්ණත්වයට පත් විම නොවැළැක් විය හැකි කරුණකි.කෙසේ වෙතත් කවර තත්ත්වයක් යටතේ වුවත් අපට ලාංකිකයන් ලෙස රටට වැඩදායි දෙයක් කිරීමට අද තරම් උචිත අවධියක් නැති තරම්.පිවිසුමෙන් උත්සහ කරන්නේ අපේ රටට අපේ යුතුතම ඉටු කරමු තේමාවෙන් ලංකාවේ ප්‍රධාන ගැටළුවක් වන මත්ද්‍රව්‍ය ගැටළුව විසීමට ඔබ සැම දායක කර ගැනීමයි.සයිබර් අවකාශයේ විවිධාකාර වෙබ් අඩවි රාශියක් තිබුණද ඉන් බොහොමයක් මත්ද්‍රව්‍ය භාවිතය දිරි ගන්වන සුළු ඒවා බැව් නොකියාම බැරිය.එය දැන හෝ නොදැන සිදු කළද ඉන් සිදුවන හානිය සුළු පටු නොවේ. අද  දින වන විට සයිබර් අවකාශයේ දිනපතාම සැරි සරන්නන්ගේ සංඛ්‍යාව සංඛ්‍යාත්මකව ඉහළ ගොස් ඇති බැව් නොරහසකි. ඉන් බහුතරයක් අපේ තාරුණ්‍යය නියෝජනය කරයි. විභාග ප්‍රතිපල බැලීම , රැකියාවක් තෝරා ගැනීම , විදෙස් ගත ඥාතීන්/හිතමිතුරන් සමග සම්බන්ධ වීම , ඉඩ කඩම් වාහන ගැනීම හෝ විකිණිම ,මනාල මනාලියන් තෝරා ගැනීම වැනි විවිධාකාර අවශ්‍යතා වෙනුවෙන් සයිබර් අවකාශයට පිවිසෙන්නන්ගේ සංඛ්‍යාව ගැණිය නොහැකි තරම්ය.මේ සැවොම ජාවාරම් කරුවන්ගේත් මෙන්ම මත්ද්‍රව්‍ය වෙ‍ළෙන්දන්ගේත් ගොදුරු බව මොහොතකටවත් අප සිතා ඇත්ද? හැි ඇත්ද ?

       පිවිසුමෙන් උත්සාහ කරන්නේ  මත්ද්‍රව්‍ය උවදුර දුරලීම සහා  අප ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි ඔබත් සමග කතිකාවක් ගොඩ නැගිමයි. අපට අපගේ අත්දැකීම් මෙහිදී සාකච්ජා කරන්න පුළුවන්.මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්විම සහා අපට ක්‍රියාත්මක විමට හැකි සාර්ථක ක්‍රම පිළිබඳව සොයා බැලිමට පුළුවන්. ඔබගේ අදහස් යෝජනා pivisuma@gmail.com  ලිපිනයට එවන්න.මත්ද්‍රව්‍ය ගැටළුව විවේනය කිරීම පමණක් නොව ඒ සහා අප අපට හැකි ආකාරයෙන් ක්‍රියාත්මක විමත් අද අවශ්‍යතාවක් වෙලා. නොයෙකුත් අවශ්‍යාතාවන් වෙනුවෙන් සයිබර් අවකාශයට පිවිසෙන ඔබටත් රට වෙනුවනේ කළ හැකි දෑ වෙනුවෙන් අවධානය යොමුකිරීම වැදගත් .මත්ද්‍රව්‍ය ගැටළුව විසිම  රජයේ වැඩක් ‍ලෙසින් ලඝු නොකොට  අපිත් ඒ සහා අලුත් පිවිසුම් ක්‍රම සොයා බලමු.
පිවිසුම යනු සයිබර් අවකාශයේ මත්ද්‍රව්‍ය නිවාරණයයි.

1 comment:

  1. //මත්ද්‍රව්‍ය ගැටළුව විසඳිම රජයේ වැඩක් ‍ලෙසින් ලඝු නොකොට අපිත් ඒ සඳහා අලුත් පිවිසුම් ක්‍රම සොයා බලමු.

    අතිශයෙන්ම හොදයි,,
    මම අද තමයි මේ බ්ලොග් එක දැක්කෙ. මම අවංකව සුබ පතනව සහ ස්තුතිවන්ත වෙනව මේ වගේ බ්ලොග් එකක් පටන් ගත්තට. සිංහල බ්ලොග් ලෝකේ ජනප්‍රිය විය යුතු, සහ වන බ්ලොග් එකක්. ජයෙන් ජය.
    "මතින් තොර සමාජයක් ගොඩ නගමු"

    ReplyDelete