ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, April 28, 2012

කෙල්ලො ළඟ හිටියත් දුර හිටියත් දාලා ගියත් අපි නම් යයි බාර් !!!!!!



    විහිළු කිරීමෙත් සිමාවක් පවති.එහෙත් දුම්වැටි කර්මාන්තය ඇතුළු සියළු මත්ද්‍රව්‍ය කර්මාන්තය හැසිරෙන ආකාරය දෙස  බලන විට ඒවායේ හැසිරීමේ උපායශීලීතාවය වැඩි දියුණු කර  ඇත. විවිධ අණපනත් හා සීමාකම් නිසා ‍මත්ද්‍රව්‍ය කර්මාන්තය දුර්වල වන සැම විටකම උපායශීලී ප්‍රචාරයන් හුන්වා දී ඇත. සයිබර් අවකාශය තුළ අද දින වන විට මත්ද්‍රව්‍ය කර්මාන්තය වෙනුවෙන් දැන හෝ නොදැන කටයුතු කරන බොහෝ  අය සිටිති. මේ එවන් දැන්වීමකි.


 මෙහි හුදු අර්ථය පමණක් සළකන්නේ නම් තරුණියන් නිසා තරුණයන් අතරමංවන බවත් එහි අවසානය විය යුත්තේ බීමත් කමින් බවත්ය. මෙම මතය සමාජ ගත කිරීමේ අදහස ඇති මෙම දැන්වීම මේ දිනවල සයිබර් අවකාශය පුරා පැතිර යමින් පවති. මෙය  නිර්මාණය කළ අය වෙනත් අර්ථයක් ජනනය කරන්නට උත්සහ කළත් යෞවන යෞවනියන්  එකිනෙකා අතර  ඇති වන විරසකයන් ,අමනාපකම්, නොහොදනෝක්කඩු  විසඳා ගැනීමේ ක්‍රමවේදය ප්‍රචලිත නොකර අරක්කු සිගරට් ගැන ප්‍රචාරයක් ලබා දෙන්නේ ඒ ගැන නොදනුවත් කමින්ද එසේ නැත්නම් එකී කර්මාන්තයට සේවය කරන සේවකයෙක් ලෙසින්ද ? කවර නිර්මාණයකත් ඉදිරිපත් විය යුතු අර්ථය වන්නේ ජනතාව දැනුවත් කමින් අවබෝධයෙන් ඉදිරියට ගෙන යෑමය. එසේ නොවී සමාජය අන්දන ක්‍රියාකාරකම් සමජ හිත සුව පිණිස නොවන්නේය.

1 comment:

  1. මත් ද්‍රව්‍ය විතරක් නෙමේ, හැම එකටම ඔහොමයි. ලංකාවට විෂ පොහොර ගෙන්නන සමාගම් දැන් වතුර ෆිල්ටරුත් ගෙන්නනව. මේකෙන් වතුර පෙරලා බොන්න එතකොට කේස් එකක් නෑ කියනවා.

    ReplyDelete