ලංකාව දුප්පත් රටක් කියල අපිට කුඩා කාලයේ ඉඳලා උගන්වන දෙයක් . කිසිම සම්පතක් නැති සිංගප්පූරුව අපි අබිබවා ගිය හැටි ඕනැ තරම් අපි අහල තියෙනවා. එත් ලංකාව අද තියෙන දුප්පත්කමේම රැඳි සිටීමට අපේම ක්‍රියාකාරකම් හේතුවෙලා තියෙනවා කියලා කිව්වොත් සමහර විට පිලිගැනීමට ඔබ මැලි වේවී. නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර ඇති පරිදි විදේශ සිගරට් සමාගම් වෙත දිනකට රුපියල් කෝටි 15 ක් ඇදී යෑම සුළු පටු දෙයක් නොවේ. මසකට එම මුදල රුපියල් කෝටි 450 ක පමණ වෙනවා. දේශපාලන පාට කණ්නාඩි වලින් තොරව බලන්නේ නම් මේ අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදවිය හැකි මුදලක් නොවේද ?

අනෙක් අතට ඔබ මොහොතක් සිතුවාද මේ විදේශ රටවල් ලංකාවෙන් දිනකට රුපියල් කෝටි 15 ලබා ගන්න කොච්චරක් නම් දේවල් කරනවා ඇත්ද ? ඔබට මරණ සහතිකයක් හිමි අතර එම රටවලට රුපියල් කෝටි 15ක්. ගනුදෙනුව කොහොමද නරක නෑනේද ? . ඔබ කොයිතරම් මුලාවකට පත්වෙලාද ඉන්නේ ? ඔබ කොයි තරම් බොරුවකට හසු විය හැකිද ? මේ බොරුව පරාජය කරලා අපි හැමෝම මේ රටේ සංවර්ධනයේ කොටස් කරුවෝ වෙමු.
Great post! Keep it up.
ReplyDelete