ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, March 3, 2012

ඔබට අනිවාර්ය රුපියල් 50000 ක දඩයක් සහ වසර 2ක් දක්වා සිර දඬුවමක් . ලේසිවෙන්නේ නෑ........



   කවර රජයක් යටතේ හෝ සංවර්ධනාත්මක ඉලක්කයන් අරමුණු කරගෙන විවිධ නිති අණපණත්  අලුතෙන් හුන්වා දීම  කරනු ලබයි. නිති අණ පණත් කොපමණ තිබුණද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවීම අපට අද දවසේ අත්විිමට ඇති ගැටළුවයි.එහෙත් මධ්‍යසාර හා දුම්කොළ පනත ඉදිරිපත් කළ දින සිට එයට එකතු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් ජනතා සංවාදයක් ඇරැඹී තිබුණේ සුභවාදී වෙනසකට මංපෙත් විවර කරමිනි. ඇතැම් විට දුම්කොළ සමාගම් විසින්ම මෙම පනතේ කොටස් උපුටාගෙන තම බඩගෝස්තර වාදී ප්‍රචාරණය කරගෙන ගියේ ඉතාම නිර්ලජ්ජිත අකාරයෙණි.ඇතැම් විට ඔවුන් ව්‍යාපාරික මහතුන් තරු හෝටල වලට කැවා පනතට හසුනොවන අකාරයට දුම්වැටි හා මධ්‍යසාර විකුණන්නේ කෙසේදැයි වැඩමුළු පවා පවත්වා ඇත. පනතෙන් දුම්වැටි හා මධ්‍යසාර විකිණීම තහනම් කර තිබියදීත් පනතේ මුල්පිටුව විශාල කොට ආකර්ශණීය දැන්වීමක් ලෙස සකසා අවුරුදු 18 න් පහළ අයට දුම්වැටි විකුණනු නොලැබේ යනුවෙන් වෙළ ස්ථානයේ ඇස් මට්ටමින් පුවරුවක් ප්‍රදර්ශණය කිරීමට තරම් බහුජාතික සමාගම් ක්‍රියාකොට ඇත.
   එයින් ඔවුන් ඇවීමට උත්සහ කොට ඇත්තේ තමන් පනතට අනුගත බව නොවේ නම් වෙන කුමක්ද ? පුවරුව දෙස මතුපිටින් බැලූබැල්මට නිත්‍යානූකූල වැඩකි. එහෙත් යටින් කියවෙන්නේ පුවරුව ඇති ස්ථානයේ දුම්වැටි අලෙවි කරනු ලබන බවකි. අනෙක් අතට ඇස්මට්ටමෙන් මෙය ප්‍රදර්ශනය තබා ඇත්තේ වෙළෙ ස්ථානයට ඇතුළුන වන කුඩා දරුවන්ගේ අවධානය දිනා ගනු පිණිසය.
  දුම්කොළ හා මධ්‍යසාර පාලන පතන යටතේ ‍මේ වන විට මහජනතාව ගැවසෙන ස්ථාන වල දුම්කොළ හා මධ්‍යසාර භාවිතය  මුළුමනින්ම තහනම් කර ඇත.රුපියල් 2000 සිට50000 දක්වා දඩයක් හෝ වසරක් හෝ වසර 2ක් දක්වා කාලයක් තුල සිර දුවමක් හෝ ඒ දෙකටම යටත් කරන ආකාරයට නීතිය සංශෝධනය කෙරෙනු ඇත. මහා මාර්ග වල දුම්පානය කරන පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට ඉදිරියේදී නීති සංශෝධනය කරන වන සෞඛ්‍ය අමාත්‍යාංශය සහන් කර සිටියි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නිවේදනය පරිදි දුම්කොළ හා මධ්‍යසාර පාලන පතන යටතේ මේ වන විට ඉටු වී ඇති කරුණු  කෙරෙහිද අපගේ අවධානය යොමු විය යුතුය.
  • වසර 2011 දී පොලිස් දෙපාර්තමේන්තුව මගින් පමණක් දුම්වැටි හා මධ්‍යසාර භාවිතා කිරීම සම්බන්ධයෙන් රුපියල් දසලක්‍ෂ 101 ක මුදලක් දඩ වශයෙන් අය කර ගැනීමට සමත්ව තිබේ.
  • මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක දුම්වැටි හා මධ්‍යසාර පාලන වැඩසටහන අන්තර්ජාතික ඇගයීමට  ලක් වී ඇත.
  • මේ වැඩසටහන අධ්‍යයනය කිරීම සහා ලෝකයේ විවිධ රටවල ජනයා ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියි.
  • ලංකාවේ ක්‍රියාත්මක දුම්කොළ හා මධ්‍යසාර පාලන වැඩසටහන සහ එම නිති රාමුව වියට්නාමයේද ක්‍රියාත්මක කෙරේ.
  • ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන ලද දුම්වැටි හා මධ්‍යසාර පාලන අන්තර්ජාතික ප්‍රඥප්තියට ආසියානු රටවල් අතරින් පළමුවන ස්ථානයටත් ලෝකයේ රටවල් අතරින්පළමුවන ස්ථානයටත් ලෝකයේ රටවල් අතරින්  4වන ස්ථානයටත් අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකාවයි.
  • දුම්වැටි හා මධ්‍යසාර භාවිතය ඉහළ යාම හේතුවෙන් 20 වන ශත වර්ෂය අවසන් වන විට ලොව පුරා පුද්ගලයන් කෝටි 100 ක් මිය යනු ඇත.
  • ශ්‍රී ලංකාවේ බෝනොවන රෝග වලින් දිනකට පුද්ගලයන් 350ක දෙනා මිය යන අතර එම මරණ වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ දුම්කොළ හා මධ්‍යසාරයි. 
  • පිළිකා රෝගින්ගෙන්   10% ක්ම හේතු වී ඇත්තේ දුම්කොළ හා මධ්‍යසාර භාවිතයයි.

2 comments:

  1. ඉස්සර තරම් ස්ටයිල් එකක් විදියට දුම් බීමක් දැන් නෑ නේද? ඒක හොඳයි.

    ReplyDelete
  2. දුම්පානය පොතක් කියවලා දැන් පහසුවෙන් නතර කිරීමට පුළුවන්.ඒ පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් බොන්න හිතෙන්නේ නැහැ.පොත ඩවුන්ලෝඩ් කරගන්න මේ වෙබ් පිටුවට යන්න.
    you can stop smoking easily and permanently just by reading a magic book. after reading this book you feel no temptation to smoke again.To download this book visit
    http://www.facebook.com/easywaysrilanka

    ReplyDelete