ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Monday, March 5, 2012

පෙට්ටිය මෙහෙමයි මීට පස්සේ - නව නීති දෙකක්



   අප පසුගිය ලිපියෙන්ද පෙන්නා දුන් කරුණක් පිළිබව මහජනතාව වෙත මාධ්‍ය මගින් තොරතුරු ලබා දෙමින් පවති. යළිත් වරක් අවධාරණය වන්නේ සිගරට් පැකට් වල දුම්පානය නිසා ඇති වන හානී පිළිබව සෞඛ්‍යමය රූප ඇතුළත් කිරීමත් ප්‍රසිද්ධ ස්ථාන වල දුම්පානය තහනම් කිරිමත් නව නිති දෙකක් මගින් සිදු කිරීමට නියමිත බවයි. මෙමගින් දුම්පානය නොකරන (අක්‍රීය දුම්පානය )  පිරිස ආරක්‍ෂා කිරිම මුලික අභිප්‍රාය වි ඇත. සෞඛ්‍යමය රූප පැකට්ටුවෙන් 50% ක් ආවරණය වන ප්‍රදර්ශනය විය යුතුය. 

   අක්‍රීය දුම්පානය යන්නෙන් අදහස් වන්නේ දුම්පානය නොකළත් දුම්පානය කරන්නෙකු අසළ සිටියදි ඇති වන තත්ත්වයයි. මෙහිදි දුම් පානය නෙකරන්නන්ටද දුම්පානය කිරීමේදී සිදුවන අන්දමේම හානියක් සිදුවේ.දුම්පානය කරන්නන් පිට කරන දුම් ආග්‍රාණය කිරීමෙන් ළදරු මරණ , පිළිකා , හෘද රෝග , හා පෙනහලු රෝග වලට  ගොදුරු විය හැකිය.  දුම්වැටියක හානිදායක රසායන ද්‍රව්‍ය 4000ක් පමණ අඩංගුය. ඉන්  40 % පමණ  සෘජුවම පිළිකා ඇති කරන ඒවා වේ. දැනට පිළිකා රෝග වලට  ගොදුරු වී ඇති පිරිසෙන් 40 % ක් පමණ දුම්පානය නිසා රෝගි වූ අය බව ද හුනාගෙන තිබේ.

5 comments:

  1. ඇත්තෙන්ම මෙය විශාල ගැටළුවක් ......
    දැනට පවතින තත්ව යටතේ සාමාන්‍ය ජනතාවට දුම්බීමට විරුද්ධ වන්නට නොහැකි වන අවස්ථාත් එමටයි.

    ReplyDelete
  2. අක්‍රිය දුම්පානයට ලක්වෙන අවස්ථාවක් තමයි දුර ගමන්සේවා බස්වල ඩ්‍රයිවර්ල කොන්ද ල බොන බීම. මේක නවතින පාටක් නෑ. ආණ්ඩුවත් හොයන්නෙ නෑ.

    ReplyDelete
  3. මේක නම් සතුටු දායක ආරංචියක් ! හැබැයි හරියට ක්‍රියාත්මක වුනොත් තමයි... ඔබේ මේ උත්සාහයට එදා වගේම අදත් මගේ ආචාරය !!!

    ReplyDelete
  4. WoooWWwww...highly appriciated!!!!! gorgeous!!!

    ReplyDelete