ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, March 10, 2012

" සතුට " වැඩි කර ගමු - අලුත්ම අධ්‍යයනයක තොරතුරු

   ඔබ සතුටින්ද ? මෙම ප්‍රශ්ණයට එක් එක් පුද්ගලයන් විවිධ අකාරයට පිළිතුරු ලබා දෙනු ඇත. තමන් හුනාගන්නා සතුට වර්ධනය කර ගැනීමට පුද්ගලයන් විවිධ දේවල් ද කරනු ඇත.තවත් අයෙක් තමන් නියම සතුට ලබා ගත් බවත් එය ලබා ගැනීමට නම් මේ මේ  දේවල් කළ යුතු බවට අන් අයට යෝජනා කරති. අන් අය ඒ දේවල් කිරීමට ද පෙළඹෙති.
  ඒ කවරක් වුවත් ඇත්තටම ඔබ සතුටින්ද ? සතුට සහා ඔබ කරන්නේ මොනවාද ? මෙම ලිපිය කියවීමට ප්‍රථම මොහොතක් ඒ ගැන සිතන්න. ලෝකයේ බොහෝ දෙනෙක් සතුට ලබා ගැනීමට යැයි හවමින් කරනු ලබන දෙයක් වේ නම් එය කුමක්ද? 

   පසුගියදා නිකුත් වූ වාර්ථාවකින් කියවුණේ  (ලංකාදීප 2012.03.09) ලංකාවේ දිනපතාම හෙ‍රොයින්  භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව 45000 ක් වන බවයි.ඊට පෙර වාර්තා වූයේ ගංජා භවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ දෙකක් බවයි. ඊට අමතරව දුම්පානය නිසා සැම වසරකම 20000 සංඛ්‍යාවක් මිය යන බවයි.  ලංකාවේ මත්පැන් පානය වැඩි වී ඇති බව සුරාබදු කොමසාරිස්තුමා  ප්‍රකාශ කර සිටි ප්‍රවෘත්තියක්ද පසුගිය දිනෙක පල වි තිබිණි.

  ඉහත කරුණු අනුව පැහැදිලිව පෙනෙන දෙයක් නම් මිනිසුන් බොහෝ දෙනෙක් සතුට ලබා ගැනීම සහා මත්ද්‍රව්‍ය කෙරේ විශ්වාසයක් තබා ඇති බවකි.  තමන් ලබා ගන්නා වින්දනය හැින්වීමට විවිධ නම්ද භාවිතා කරනු දැකිය හැකිය. " ආතල් " , " ෆන් "  ඒ අතර ජනප්‍රිය යෙදුම් වේ. රැස්කකා පවුල් පිටින් බලන රූපවාහීනි ටෙලි නාට්‍ය වලද සතුටුදායක අවස්ථාවලදි  බොහෝ විට  මත්පැන් හා දුම්වැටි යොදාගනු ලබන දර්ශන සුලභය. එයින් හවන්නේ සතුට වැඩි වන බවකි.රට කරවන සහ  සමාජය තුළ යම් පිළි ගැනීමක් තිබෙන අය කියන්නේ ටිකක් බිව්වට කමක් නැත වැනි අදහසකි. එයින්ද කියන්නේ සතුට ලැබෙන බවකි.
  මේ සියළු මත වාද , සමාජ සහ ආර්ථික සමීක්‍ෂණ සඳහා වූ බ්‍රිතාන්‍ය ආයතනය විසින් පසුගියදා සිදු කරන ලද සමීක්‍ෂණයකින් බැහැර කරන්නේ ජීවිතයට අලුත් පාඩමක්ද එකතු කරමින්. "තරුණ ළමයින් ඇසුරින් සිදු කළ මේ සමීක්‍ෂණයේ දී ඔවුන්ගේ පෙනුම, පවුල් පරිසරය, යහළු මිත්‍රාදීන්, පාසල් ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පිළිබඳ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කෙරිණි. ඒ සෑම විෂයකදීම ඔවුන්ගේ තෘප්තිමත් බව මැනීමට සමික්‍ෂකයන් කල්පනාකාරී විය. ප්‍රතිඵලය වූයේ කිසි දිනෙක ඇල්කොහොල් භාවිත නොකළ පිරිස, අනෙක් අය මෙන් හය ගුණයකින් තෘප්තිමත් වූවන් බවයි. දුම්වැටි භාවිතයෙන් වැළකුණු පිරිස් ඇල්කොහොල් භාවිත කරන්නන් මෙන් පස් ගුණයක් සතුටින් දිවි ගෙවූහ. සමීක්‍ෂකයන් අවධාරණය කළේ මත්පැන්, දුම්වැටි භාවිතය, ව්‍යායාම නොමැති වීම ජීවිතයට අතෘප්තිය ගෙන දෙන බවයි. එම සතුටට මවුපිය වත්කම් හෝ අධ්‍යාපන මට්ටමෙන් කිසිදු බලපෑමක් එල්ල නොවිණි. කෙටි ආහාර, කෘත්‍රිම බීම වර්ගවලින් වැළකී, හැකි තරම් එළවළු, පලතුරු අනුභව කිරීම සතුටට හේතුවන බව අනාවරණය විය. සමීක්‍ෂකයන් ගේ අවසාන උපදේශය වූයේ හැකි තරම් ක්‍රීඩා කිරීම සතුටින් ජීවත් වීමට හේතුවන බවයි. " උපුටා ගැනීම සිතිජය 2012.03.08


   සියළු මත්ද්‍රව්‍ය වලින් වැළකී සිටින තරමට ජීවිතයට සතුට උදා වන බව මෙතරම් පැහැදිලිව පෙන්වා දී තිබියදී  ඒ මතවාදය සමාජ ගතකිරීමේ කටයුතු වගකිව යුතු සැම පාර්ශවයක් විසින් ම  නොපැකලිව කළ යුතුව ඇත.  වාර්තාවේ සෘජුව සහන් කරන්නේ  දුම් පානයේ යෙදෙන සහ ඇල්කොහොල්වලට   ඇබ්බැහි වූවන් අසතුටින් සිටින බවයි. පිවිසමුට ගොඩ වැදෙන ඔබටද රට වෙනුවෙන් කළ හැකි කාර්යයක් වන්නේ මෙම සැබෑව ඔබගේද අඩවි මගින් ප්‍රචාරය කිරීමයි.
එම වාර්තාව මෙතැනින් කියවන්න.

No comments:

Post a Comment