ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Wednesday, February 1, 2012

ලිංගික බෙලහීනතාවන් මග හැරීමට පහසු මගක්

   අප මේ දින වල සාකාච්ජා කරමින් සිටි කරුණු වලින් පිට වුවත් මේ මතෘකාව ඉදිරියේදි ගැනීමට බලපොරොත්තුවෙන් හිටියේ.කෙසේ වෙතත්  අරෝග්‍යා  රාවේ පළ කරන ලිපියකින් (2012.02.01) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශාන්ත හෙටිටිආරච්චි මහතා දක්වන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරිම , අරක්කු දුම්වැටි හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ තත්ත්වය ඉතා පැහැදිලිව හුනාගැනීමට අපට මනා පිටුවහලක් සපයනවා. අප මේ දින වල සාකච්ජා කරමින් සිටින්නේද පුද්ගලයන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැනයි.
        " මත්පැන් ,මත්ද්‍රව්‍ය  ලිංගික උත්තේජකයක් ලෙස භාවිතා කරන අයත් අප අතර සිටිනවා.ඇත්තෙන්ම මෙය උත්තේජකයක් නෙවෙයි.නමුත් බෙහෝ කාම අපරාධකරුවන් මේවා පාවිච්චි කරන්නේතම ලැජ්ජා බය දෙක නැති කර ගැනීමටයි. නමුත් මෙහි ඇති සත්‍ය කතාව නම් දිගුකාලිනව මත්පැන් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ට ලිංගික බෙලහීනතා රෝග ලක්‍ෂණ ඇති විමයි.  "

   මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් සමාජයේ පැතිරී ඇති එක් වැරැදි විශ්වාසයක් වන්නේ එය ලිංගික වශයෙන් උත්තේජනයක් සපයන බවයි. එහෙත් වෛද්‍ය හෙට්ටිආරච්චි මහතා එම අදහස සෘජුවම ප්‍රතික්‍ෂෙප කරසිටිනවා. දුම්වැටි මද්‍යසාර ඇතුළු සියළු මත්ද්‍රව්‍ය භාවිත කරන අය වැඩි කලක්  නොගොසින්ම ලිංගික රෝගීන් වන බව මේ අනුව අවබෝධ කර ගැනීම වැදගත්. අප පසුගිය ලිපියෙන් ප්‍රකාශ කර සිටි පරිදි කිසිම රසයක් ප්‍රියතාවක් නොමැති මත්ද්‍රව්‍ය "රසවත්" කරවන බාහිර සාධක රාශියක් අප වටපිටාවෙ තිබෙන බවට වෛද්‍ය හෙට්ටිආරච්චි මහතා ගේ පැහැදිලි කිරීමෙන් යළිත් වරක් සනාථ වෙනවා. පසුගිය කාලයේ ප්‍රචාරය වූ කදිම මත්ද්‍රව්‍ය නිවාරණ වැකියක පාඨයක් වූයේද විවාහය සහා පුද්ගලයන් තෝරා ගැනීමේදී දුම්වැටි ඇතුළු සියළු මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර අය තෝරා ගැනීම කාන්තා පාර්ශවයේ හිතසුව පිණිස වන බවයි.
 ලිංගික බෙලහීනතාවයෙන් වැළකීමට නම් සියළු මත්ද්‍රව්‍යයන් භාවිතා කිරිම නවත්වා දැමීය යුතුයි.
එම ලිපිය මෙතැනින් කියවමු.

3 comments:

  1. ඒ විතරක්ම නෙමෙයි මඳසරුභාවය ඇති වෙනවා. බොහෝම වටිනා ලිපියක්.

    ReplyDelete
  2. ඇත්ත... ඒත් ඇයි මිනිස්සු ඒක තේරුම් ගන්නේ නැත්තේ කියන එකයි ප්‍රශ්නේ?
    …වටින ලිපියක්!

    ReplyDelete
  3. මේවා මිනිස්සුන්ට පොව්වන්නේ බොරු සුරංගනා ලෝක මවලා දීලානේ ඉතිං ගොන්නු වාගේ සමහර මිනිස්සුත් ඕවා විශ්වාස කරනවානේ

    ReplyDelete