ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, January 28, 2012

බිව්වම වෙන දේ බීපූ අයගෙන්ම.....දෙවන කොටස

   පසුගිය ලිපියට අදහස් දක්වමින් සහ පිවිසුමට ගොඩ වැදුන සියළුම දෙනාට කෘතවේදි ස්තූතිය පළමුවෙන්ම පුද කරන්න කැමැතියි.ඒ හැමෝම මිනිසෙකු ගේ ජීවිතයේ වටිනාකම හැින ගැනීමට උත්සහ කරන පිරිසක් ලෙසිනුත් නම් කරන්න කැමැතියි.  පසුගියදා ලංකාවට පැමිණි ඉන්දියානු විද්‍යාඥ ආචාර්ය අබ්දුල් කලාම් මැතිතුමා ( හිටපු ඉන්දීය ජනාධිපති කියනවට වැඩිය මේ හැින්වීම හොයි කියල හිතෙනවා ) ප්‍රකාශ කළේද "  ඔබ සුවිශේෂී පුද්ගලයෙකු "  විය යුතු බවයි . ඉතිං අපි සෑම කෙනෙකුම  තිබෙන දුර්වලතා ඉවත් කරගෙන සමාජ ප්‍රගමණයට හේතු වන සුවිශේෂී පුද්ගලයන් බවට පත්වෙමු කියන යෝජනාවත් මේ සමග ඉදිරිපත් කරන්න කැමැතියි.
    ඔබගේ අදහස් සමග මෙතැන් සිට ඉදිරියට යමු. එ හැම අදහසකින්ම පැහැදිලි වන එක් කරුණක් නම් අරක්කු   පළමු වරට භාවිතා කිරීමේදී දුෂ්කතරතා ඇති වුණ බවයි.(මේක අරක්කු වලට විතරක් නෙවයි දුම්වැටි කසිප්පු ඇතුළු සියළුම මත් ද්‍රව්‍ය වලට පොදු දෙයක්) අපේ ශරීරය හැදිල තියෙන්නේ ආගන්තුක දෙයක් ශරීර ගත වෙනවානම් ‍ ශරීරය විසින්ම එය ප්‍රතික්‍ෂෙප කරන ක්‍රමයකට.දුම්වැටියක් පළමු වරට භාවිතා කරද්දි කැස්සක් හැදෙනවා. අනෙකුත් කවර මත්ද්‍රව්‍යයක් භාවිතා කරත් ඔක්කාරය හැදෙනවා.(වෛද්‍යවරයෙකුට පුළුවන් මේ තත්ත්වය තවත් විද්‍යාත්මකව පැහැදිලි කරන්න.සයිබර් අවකාශයේ එහෙම තැනක් තියෙනවා නම් ඒකත් පෙන්නල දෙන්න පුළුවන්. එතකොට අපි හැමදෙනාටම ඒ ගැන පුළුල් අව‍බෝධයකට යන්න පුළුවන්.) ඉතිං කැස්ස හරි ඔක්කාරය හරි ඇතිවන ඒ අපහසුව සුළුපටු එකකුක් නෙවෙයි. පහුවෙනිදාටත් ඇට හරි අමාරුයි.  එක් සහෘදයෙක් කියලා තිබුනා බොන එකත් මහා අමාරු වැඩක් කියලා. අරක්කු වල තියෙන ගඳ මකන්න කොච්චර දේවල් කරනවද ? මහ මුස්පේන්තු ගතියක් ‍දැනෙන්නේ. මේ හැම දෙයක්ම සිද්ධවෙන්නේ ඒකේ තියෙන  රසායනික තත්ත්වයේ බලපෑ‍මෙන්.
   නමුත් අපි වෙනත් රසවත් දෙයක් භාවිතා කරනකොට මේ වගේ අමාරුවක් දැනෙන්නේ නැහැ.ඒ රසවත් දෙය හෙටටත් තියෙනවා හොයි කියලයි හිතෙන්නේ. කොහොමද පෙම්වතියගෙන් හරි පෙම්වතාගෙන් හරි චොකලට් ලැබෙනවා නම්  ම් ...........ම්......... ම්...........  මරුනේ.
  නමුත් කිසිම රසයක් ප්‍රියතාවයක් නැති  අරක්කු සිගරට් (ඒක තමා ඇත්ත)  බීපු අය බීලා තියෙන්නේ ඉතාම අමාරුවෙන් කියලා ඉතා පැහැදිලියි. ඒක මාර සටනක් කියලත් පැහැදිලිය. එහෙමනම් ‍කොහොමද  මෙච්චර අමාරුවෙන් පාවිච්චි කරන දේ " රස " වෙලා තියෙන්නේ කියන එක හොයල බලන්න වටිනවා.අපේ සහෘදයන්ගේ අදහස් වල ඒ වගේ තැනුත් තිබුණා. අරක්කු දුම්වැටි ඇතුළු සියළු මත්ද්‍රව්‍යයන්ගේ රසායනික බලපෑම නිසා කටුක අප්‍රසන්න අත්දැකීමක් තිබුණත් රසවත් කරන වෙනත් සාධක නිසා භාවිතය රසවත් වෙලා තියෙනවා කියලා පැහැදිලියි.  ඒක ටිකක් විස්තර ඇතිව තේරුම් කර ගමු. පහත සටහන අරක්කු දුම්වැටි රසවත් වන විදිහ දක්වන්න ගත්ත උත්සහයක්.
1.    රසායනික බලපෑම
2.    එය ඉතා අප්‍රසන්න කටුක අත්දැකිමක්
3.     කොතරම් කටුක අත්දැකීමක් වුවත් එය "රසවත් " විම (බාහිර අයත් එය හුනා ගන්නේ  රසවත් එකක් ලෙසින්.)
4.    සහ 5 .   අප්‍රසන්න කටුක අත්දැකීම රසවත් කරන සාධක

මේ කරුණු දැක්වීම ගැන නිදහසේ හිතන්න කාලය ගත්තත් කමක් නැහැ. කොහොමත් මේ පැහැදිලි කිරීම ටිකක් විතර දිග වුනා. ඉතිං පිවිසුමට ගොඩ වැදෙන හැමෝටම පුළුවන්    අප්‍රසන්න කටුක අත්දැකීම   " රස " කරල දෙන  සාධක මොනවාද කියල  බලන්න. අපිටත් ඒ ගැන  කියන්න. යළිත් ඒ අදහසුත් සමග එකතුවී සාකච්ජාව ඉදිරියට ගෙන යමු . අපි සුවිශේෂ පුද්ගලයන් බවට පත්වෙමු .

3 comments:

  1. ඔහොම රසක් තියෙනවා කියලා පාවිච්චි කරන හැමෝම කියනවා ඒත් ඒක සත්‍යයක් නොවේ කියන්න එයාලම දන්නවා මට නම් ඒක රසක් කියන්න තරම් අත්දැකීම් නෑ ඒ වුනාට ඒක ගොඩක් කටුක අත්දැකීමක් කියන්න නම් පුළුවන් බය නැතිව....මත්පැන් කියන්නේ විජාතීය බලපෑමක් රටක් අත්පත් කරගන්න නම් ඒ රටක ආර්ථිකය වට්ටලා මිනිසුන්ගේ ආගම දහමට තියෙන ලැදි බව නැතිකරලා මිනිසුන් මිනිසුන් අතර ප්‍රශ්න ඇතිකරන්න ඕනේ.....අන්න ඒකයි සුද්දෝ අපිට කලේ...ඒ වැටිච්ච අගාධයෙන් ගොඩ එන්න තාමත් බෑ...හැබැයි උත්සහ කලෝතින් බැරිත් නෑ

    ReplyDelete
  2. චොකලට් කිව්වම මතක් උනේ...අපේ ගෙදර එක්කෙනාගේ අක්කලා එංගලන්තේ ඉදලා චොකලට් වගයක් අරං ආවා..ලමයව ගෙදර දාලා ඒගොල්ලෝ ඇවිදින්න යනවා....කොල්ලා චොකලට් ඉල්ලලා මැරෙන්න අඬනවා..මමත් කෑල්ල කෑල්ල කඩ කඩ දුන්නා..මූ ඒක කාලා බුදියනවා හැමදාම..අයියා දවසක් බඩු හොයනකොට දන්නේ ඒවා ඇල්කොහොල් චොකෝ කියලා......

    ReplyDelete
  3. චොකලට් වල පිනයිල්ඇලනින් කියන රසායනය ඩුපමින් කියන හිතේ සතුට රන්දන රසායනිකය හදන්න උදව් වෙනව. රසට අමතරව කෙල්ලෙක්ව පොඩ්ඩක් තමන්ගෙ මතයට කැමති කරගන්නත් පුළුවන් වේවි.
    අරක්කු, සිගරට්, ගංජ, හෙරොයින් වල එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් තියෙන්නෙ. (පොස්ට් 2 3 ක් යන කතාවක්. මගේ එකක මමත් පොඩියට ලියල තියනව) ඕකින් හෙරොයින් ගංජා වලිනුත් කෘතිමව හිත සතුටින් තියන්න හිතේ බැමි නිදහස් කරන්න පුලුවන්ලු. (අරක්කු වගේ නෙමේ- අරක්කු වල වෙන්නෙ වෙන දෙයක්)
    පහුගිය ජීව විද්‍යාවට නොබෙල් තෑග්ග ගත්ත එක්කෙනත්, සම්මත මානයන්ගෙන් බැහැරව හිතන්න කියල ඔයවගේ ඩ්රග්ස් ගත්ත පුද්ගලයෙක්.
    නමුත් ඇගට අතිතකරයි.

    ReplyDelete