ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, January 7, 2012

තාරුණ්‍යය ජය ගමු- බාධාවන් යනු බාධාවන්ද ?

    වෙනස්ම දෙයක් ගැන හිත හිත ඉන්නකොට තමා මෙවර උසස් පෙල විභාගයේ ප්‍රතිඵල ලැබුණු ඉසුරිකාගේ කතාව කියවන්න ලැබුණේ.ඒක මෙතැනින් කියවලාම අපි අපි ගැන අලුත් විදිහකට කටයුතු කරන්න පටන් ගමු.ඉසුරිකා අපේ කාලේ දිරිය දියණිය හෝ සහෝදරිය ලෙස හුන්වනවාට කවුරුත් එක වෙනවා ඇති. අපිට සිදු වෙන දේවලට අපි දක්වන ප්‍රතිචාරත් ඉසුරිකා එයාට සිදු වන දේ වලට දක්වන ප්‍රතිචාරත් අතර සෑහෙන වෙනසක් තියෙනවා.ඒ වෙනස අපි දකින්න ඕ‍නේ නියම ගෞරවය ඇයට ලබා දෙන ගමන්මයි. අපි අපේ ජීවිත ඔහේ ඉබාගාතේ හැසිරෙන්න දීලා බලාගෙන ඉන්නවද කියලා වෙලවකට හිතෙනවා.අපි එකිනෙකා කටයුතු කරන්නේ එක එක විදිහට කියන එක අමුතු සොයා ගැනීමක් නෙවෙයි. සාමාන්‍යයෙන් මනෝ විද්‍යාව දන්න පුද්ගලයන්ගෙ හැසිරීම් නිරීක්‍ෂණය කරන කවුරුත් දන්න දෙයක්.සෑම දෙයක්ම අවාසනාව අනුව ලියවිලා ඇතියි කියල හිතන අය බහුතරයක් අතරේ ඉසුරිකා එහෙම නොසිතා ඉන්නේ කොහොමද? දුප්පත්කම  , කෙළවරක් නොමැති දුක් ගැහැට , දවසින් දවස වෙලා ගන්න‍කොට හිතෙන්නේ අවාසනාවටම ඒ දේ සිදු වෙනවා කියලයි. ඉසුරිකාගේ වයසේ ඉන්න බහුතරයක් ගැන අපිට පාර තොටේ යද්දි  හිතෙන දකින දේවල් අනුව හිතන දෙයක් තියෙනවා.ඒක වැ‍ඩිහිටියන් වැඩි දෙනෙකුට දැනෙන දෙයක්. ඒ තමා අද දවසේ තරුණ තරුණියන් යන්නේ කොහොටද කියන එකයි.අින පළින දේද , කතා බහ කරන ‍දේද , ඇවතුම් පැවතුම්ද විශාල නොගැලපෙන ගතියක්  පෙන්නුම් කරනවා.  අද දවසේ තරුණ තරුණියන්ගේ විශ්වාස සහ හරයන් විවාදසම්පන්නයි.

   ඉසුරිකා කියන්නේ බාල තරුණ මහලු සැමට ම තමන්ගේ අරමුණු  සහ බලපොරොත්තු අලුත් කළකෙනෙක්. මිනිසෙකුට යා හැකි දුර ගණනය කළ නොහැකි තරම් බව කියා දෙන්නේ ඉසුරිකාය. මිනිසුන්ගේ ලෝකය දිනෙන් දින අලුත් වන බව කියා දෙන්නේ ඉසුරිකාය. මිනිසුන් විසින් තනන ලෝකයේ දිග පළල ගැන අලුතින් සිතන්නට කියා දෙන්නේ ඉසුරිකාය.ඇත්ටම අපි නිර්මාණය කළ යුත්තේ අපට අවශය ලෝකය නොවේද යන ප්‍රශ්නය ඉසුරිකා අපි ඉදිරියේ තියලා තියෙන්නේ. අනික් අතින් අපි දකින ලෝකය ‍කෙතරම් පටු එකක්ද කියල අපිට අලුත් සිතුවිල්ලක් ඇති කරන්නෙත් ඉසුරිකා.අපි සැම දෙලා යෙදිල ඉන්නේ කවර කාර්යයක වුවත් අපේ වගකීම වන්නේ මිනිසුන්ට යහපත් තැනක් නිර්මාණය කරදීමේ කාර්ය භාරය බව සිහිපත් කරන්නේත් ඉසුරිකා.හෙට දින ඉසුරිකාගේ වගේම අනෙක් අයගේත් ලෝකය ලස්සන කරන්න , ආනන්දනීය එකක් බවට පත් කරන වගකිමත් තිබෙන්නේ අපේ අතේ බව සිහිපත් කරන්නේත් ඉසුරිකා.ඇත්තෙන්ම ජීවිතය යනු විවිය යුත්තන් නොව විිය යුත් දෙයක් බව අපට සිහිපත් කරන්නේත් ඉසුරිකා.
   ඔබ මා ජීවත්වන මේ පාරිභෝගික සමාජ‍යේ  ඉසුරිකා කෙතරම් දැවැන්ත ශක්තියක්ද ?
  පිවිසුමේ අපේ අදහස වන්නේත් තරුණකම වගේම මනුෂ්‍යත්වයටත් නිගා කරන මිත්‍යා විශ්වාසයන්ගෙන් ඉවත්ව අලුත් විදිහකට ජීවිතය රස විීමට ඇති ඉඩ කඩ විමසා බැලීමයි. සමහරෙක් අලුත් අවුරුද්දක් ලබද්දීත් කවර හෝ සිද්ධියක් සැමරීමටත් ඉස්සර කරගන්නේ   මද්‍යසාර . දුම්වැටි ඇතුලු සියලූම මත්ද්‍රව්‍යයන්ගෙන් වන්නේ අපේම ආත්ම විශ්වාසය බි දමා ගැනීමක් බව අපිට ඉසුරිකා අපට සිහිපත් කර දෙනවා.ඉසුරිකා මේ දැවැන්ත ජයග්‍රහණය ලබා ගත්තේ සියලූම බාධක අභිබවා තමන්ගේ ස්වොත්සහය නිසාය.ඉසුරිකා ජිවිත ගමනේ ඉදිරියටම යැමට දරන ධෛර්ය මිනිසුන් වශයෙන් අප සැමට තිබුනත් එය මොට කර දමා තිබෙන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් විසින් මත් ද්‍රව්‍ය වටා බොරු බේගල් රාශියක් නිර්මාණය කර ති‍බීමෙන් . ඇයි තාරුණ්‍ය ලබා ගත යුතුම ඉලක්කයන් ඔස්සේ ගමන් කරන්නේ නොමැතිව වෙනත් වෙනත් ආකර්ශණීය ප්‍රචාරයන්ට රැවටී  වැරැදි මාර්ගයේ ගමන් කරන්නේ ? තාරුණ්‍ය යනු දැවැන්ත ආත්ම විශ්වාසයක පදනමයි.ඉසුරිකා දිගටම අපට කියා සිටින්නේ අපි සැබෑ තාරුණ්‍යයේ  උරුම කරුවන් විය යුතු බවය . අප ඉදිරියේ එළා ඇති දැවැන්ත මායා දැළ බි දමා ඉදිරියටම යමු.තාරුණ්‍යයෙත් මනුෂ්‍යත්වයෙත් උරුමකරුවන් වීමට අපි කටයුතු කරමු.

ඔබේ අදහස් අපිට ශක්තියක්  අදහස් pivisuma@gmail.com  එවන්න

No comments:

Post a Comment