ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, January 14, 2012

2012 වර්ෂයේ තේමාව ඔබ දන්නවාද ?


      හුනාගත්   අරමුණක් ඉටුකර ගැනිම සහා  කිසියම් මාසයක දින වෙන් කිරීම සාමාන්‍ය කරුණකි. ‍සැම මසකම පෙ‍බරවාරී 14 දින ට යෙදෙනෙ ආදරවන්තයින්ගේ දිනය , ඔක්තෝබර් 01 දිනට යෙදෙන ගුරු දිනය ,  ‍ජුනි 26 දිනට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය විරෝධි දිනය ,දෙසැම්බර් 01 දිනට යෙදෛන ලෝක ඒඩ්ස් දිනය යනු එවැනි දින කිහිපයක්.මෙසේ දින නම් කරන්නේ අදාළ කටයුත්ත සහා ජනතාවගේ අවධානය යොමු කිරීමත් එම කාර්යය පවතින සජීවි කාර්යයක් බවට පත් කිරීමත්ය. මීට අමතරව මේ දින වල ඩෙංගු අවදාම වැඩි වී ඇති බැවින් කිසියම් සතියක් ‍ඩෙංගු  මර්ධන සතිය ලෙස නම් කරන්නේ එම සතිය පුරාම අදාළ කටයුත්ත සහා ජනතාවගේ අවධානය රවා තබා ගැනීමටත් සජීවි දායකත්වය ලබා ගැනීමටත්ය.එලෙස දින හෝ සති කිසියම් තේමාවක් මුල් කරගෙන නම් කිරීමෙන් පුද්ගලයන්ගේ සජීවි දායකත්වයක් ලැබෙනවා සේම  අදාළ කටයුත්ත සහා ප්‍රභල උත්ප්‍රේරණයක් ද සපයනවා. සතියක් කිසියම් තේමාවක් සහා නම් කරන්නේ එහි වැදගත් කම අනුවය. කිසියම් වර්ෂයක් හුනාගත් තේමාවක් ඔස්සේ නම් කරන්නේ අතිශයින්ම වැදගත් වන ඉටුකර ගත යුතුම ජාතික ‍හෝ අන්තර්ජාතික අරමුණක් ‍වෙනුවෙන්. ඒ අනුව රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි 2012 වර්ෂයේ ‍තේමාව ඔබ දන්නවාද ? සෑම අංශයක මෙන්ම  සෑම පුරවැසියකුගේම සහභාගිත්වය , අවධානය, සක්‍රීය  ක්‍රියාකාරි වීම බලපොරොත්තුවෙන්  නම් කොට ඇති විෂය කුමක්ද ? 
   ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි 2012 වසර දුම්වැටි හා  මද්‍යසාර විරෝධි වසරක් ලෙස නම්  කොට ඇති බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියි. (දිවයින 2012.01.13)

1 comment:

  1. 1xbet korean - legalbet.co.kr
    1xbet korean. A detailed review of the 1xbet.co.kr 1xbet korean betting worrione site, its payouts febcasino and bonuses.

    ReplyDelete