ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Saturday, January 21, 2012

මතට තිත තිතටම

මතට තිත වැඩසටහන ගැන නොදන්නා අයෙක් අද නැත. මත්ද්‍රව්‍ය ප්‍රශ්නයෙන් බැටකෑ සියල්ලන්ම එම වැඩසටහන ඉත සිතින් අගය කරන්නට විය.බොහෝ බලපොරාත්තු ඒ සමග අති කරගත් අතර මේ මොහො‍තෙදීත් බහුතරය විශ්වාස වන්තව ඒ ගැන දැල්වූ බලපොරොත්තු සහගතව සිටිති. විශේෂයෙන්ම මව්වරු මෙම වැඩසටහන අගය කළ අන්දම අපට මතකය.එම සටහනේ අවසාන ඉලක්කය වන්නේ රටේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට කල්පවතින පිළිතුරක් සෙවීමය .
  මෙම වැඩසටහන ඉදිරිපත් වූ මොහොතේ සිටම ඒවෙනු‍වෙන් ඇති වූ විවේචනද  සුළුපටුනොවේ. විවේචන  යනු සැම විටම අත්‍යවශ්‍ය මෙන්ම අනිවාර්ය එකක් වන තරමටම  එම වැඩසටහනේ බලපැම මැනිය හැකි එක් මිනුම් දණ්ඩක් බවට පත් කර ගත හැකිය. මෙම වැඩසටහන අක්‍රීය අසාර්ථක එකක් කිරීමට ආරම්භක මොහොතේ සිටම  මත්දුව්‍ය ජාවාරම්කරුවන් කටයුතු කළ බව නොරහසකි. එසේ තිබියදීද් රජයේ පුමුඛ කාර්යක් වශයෙන් මෙම වැඩසටහන තිබීම එක් අතකින් රටේ වාසනාවකි.
  වැඩසටහනක සාර්ථක බවමැනීම  එම වැඩසටහන කරගෙන යද්දි  සිදු කළ යුතු ඉතා වැදගත් කටයුත්තකි. එවිට එම වැඩසටහනේ සාධනීය ලක්‍ෂණ තව දුරටත් වර්ධනය කරගෙන ඉදිරියට යා හැකිවාක් මෙන්ම දුර්වලතා  ුනා ගැනීමෙන් නව උපායඋපක්‍රම අවබෝධ කර ගත හැකිය. සාධාරණ විවේචන භාර ගැනීම නිහතමානි මහත්ම ගතියකි. එය වර්තමාන රජයට උවමානාවටත් වඩා වැඩියෙත් ඇති පෙනේ. 20102 වර්ෂය දුම්වැටි හා මධ්‍යසාර වැළැක්වීමේ වසර ලෙස නම් කිරීමෙන්ම රජයේ අවශ්‍යතාව මැන‍වින් පෙනී යන දෙයක් .ඒ නිසා මෙතෙක් කල් මෙම වැඩසටහන පිළිබව අති ‍විවේචන එක් මේසයකදි සාකච්ජා කිරීමේ අවශ්‍යතාවක් ඇත. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විවිධ මතවාද ප්‍රභලව සමාජ ගතව පවති. එවන් අවස්ථාවකදී එම මතවාද  විමසා බැලීමට සුදුසුම අවස්ථාව උදාවී  ඇති බව අපගේ හැිමය. එයට ආරම්භයක් වශයෙන් 2012.01.21 දින දිවයින පුවත් පතේ මැඩිල්ලේ පඤ්ඤා‍ලෝක හිමි ගේ අදහස් දැක්වීම(එය මෙතැනින් ලබා ගත හැකිය)  උපකාර කර ගත හැකිය.
  සෑම පුද්ගලයෙක්ම මෙම රටේ ගෞරවනීයව ජිවත් විය යුතු බවට කිසිවෙකුටවත් විවාදයක් තිබිය නොහැකිය. එහෙත් ඒ ‍ගෞරවනිය බව සැනසිලි දායක බව ජාවාරම් කරුවන්ට පැහැර ගැනීමට ඉඩහැර  බලාසිටීම සිදු  නොවිය යුත්තකි. මතට තිත තිතටම ක්‍රියාත්මක  කල යුතු කාලය එලැඹ ඇත. මතට තිත තිතටම ක්‍රියාත්මක කිරීමට අපගේ සහාය ලබා දෙමු.
  මේ සම්බන්ධ ඔබගේ අදහස් මතවාද අගය කරමු.
              pivisuma@gmail.com

No comments:

Post a Comment