ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Thursday, January 26, 2012

බිව්වම වෙන දේ බීපු අයගෙන්ම එළියට

   බිව්වම තියෙන ඇත්ත අත්දැකීම  බිව්ව අයම කියන එක තමා වටින්නේ. අතිශයින්ම අප්‍රසන්න එම අත්දැකීම බොන ඕනෑම කෙනෙක් දන්නවා. කුහක කමට කියන්නේ නැහැ. අනික් අය බොරුවට මාර ආතල් කියද්දි  ඒක එහෙම නොවෙයි වෙන්නේ මේකයි කියලා කියන්න පුළුවන් වෙන්නේ කොන්දක් තියෙන අයට සහ අධිශ්ඨානයක් ඇති අයට විතරයි.මේ අධිෂ්ඨානය ගැන අපි කලින් ලිපියකත් පැහැදිලි කලා.නුතන වෛද්‍ය මතයත් එයයි.

  කෙසේ වෙතත් සයිබර් අවකාශයේ කටයුතු කරන , බීලා ඇත්ත අත්දැකීම ප්‍රකශ කරන සහෘදයන් දෙන්නෙක්  හමුවුනා.(තවත් අය ඇති )  ඔවුන් ප්‍රකාශ කරන එම අත්දැකිම බොන හැමෝම දන්න දෙයක්. ඒත් කියන්නේ නැත්තේ බොන අනික් අය අතරේ කොන්වෙයි කියන ලැජ්ජාවට. ඒ වාගේ කියමන් ‍කිහිපයක්ම අපිට මෙහිදි දකින්න තියෙනවා . මේ කරුණ ගැන අපිට තව දුරටත් කතා කරන්න පුළුවන්. ඇත්ත අත්දැකීම ප්‍රකාශ කරන ඒ සහෘදයන්ට  පිවිසුමේ ස්තූතිය පුද කරන ගමන්ම  ඒවා බලලා ඉමු.
බිව්වම තියෙන ඇත්ත අත්දැම් පිළිබව ඔබේ අදහසුත් ප්‍රකාශ කරන්න පුළුවන්. අපට අවශ්‍ය වන්නේ අන් අය අතරත් විශේෂයෙන්ම තරුණ පරපුර අතර නිවැරැදි අවබෝධය ඇති කිරීමයි.


5 comments:

  1. කීවාත් වගේ මලපෙරේතයෙක් වගේ බීවම නම් බීමේ අප්‍රසන්න අද්දෑකීම් තියෙන්නෙ පුලුවන්,කබා දාගෙන වලි පටලවන්,නමුත් සුන්දර මොහොතක් තවත් සුන්දරකර ගන්න තමන්ගේ ප්‍රමානයට ගෑනීම මම නම් වරදක් විදියට දකින් නෑ,(මොකද මමත් ඒ ගනයට අයත් වෙන නිසා),අනික් විශිශම කරුන නම් බ්ලොග් අවකාශයේ නොබොන උන්ට බොන උන් ගෑන පුදුම කෑහිල්ලක් තියෙන්නේ,බීම කියන්නේ හුදෙක්ම පුද්ගලික කෑමෑත්ත මත පදනම් වුනු දෙයක්,ඔය ගෑන මම මීට කලින් සෑහෙන්න කතා කරා බොන උන්ගේ මතේ ඉදන්,මොකද මම බීම ගෑන ලියපු ලිපි වලට වෑටුනු කොමෙන්ට් නිසා...

    ReplyDelete
  2. අඩේ මේං මං ගැනත් ලියලා....

    මේ වැඩේ නම් මාර හොඳයි බ්ලොග් අවකාශේ ඉන්න හැමෝම තව එකෙක්ව හරි මතින් මුදවගන්න උත්සහ කලොත් ලංකාව පුරාවට විසිරිලා ඉන්න බහුතර මත්ලෝලින්ව මුදවගන්න පුළුවන් වෙයි හරි ලේසියට....මේ කරන වැඩේට මගේ ප්‍රණාමය මමත් මතට සෑහෙන්න විරුද්ධයි...මතින් තොර රටක් ගොඩනගන්නට හදන ඔබට මගේ ප්‍රණාමය...ජය වේවා..

    ReplyDelete
  3. මම නං අහලා තියෙන්නේ කන බොන මිනිහාගේ හිතේ කහටක් නෑ කියලා..

    ReplyDelete
    Replies
    1. ඕක මමත් බොහෝවිට අත්දැකලා තියෙන දෙයක් (හැමෝම නෙමේ - ඇල්කොහොල් වලට කහට දියවෙලාද දන්නේ නැහැ)

      කොහොම වුනත් තමන්ගේ තරම දැනගෙන, අනෙක් අයටත් තමන්ටත් කරදර ඇතිනොවන ප්‍රමාණයට, මද පමණින් ගත්තාට වරදක් නැති බවයි මගෙත් පුද්ගලික මතය. හැබැයි පෙරේතකමට බීලා සත්තු වගේ හැසිරෙන වුන් නම් නොබොන එකමයි හොද.

      Delete
  4. ඇත්තටම බොන එක අමාරුයි.. හැබැයි බිවුවට පස්සේ මනසේ තියෙන පාලනය අඩුවෙන හින්දා ද කොහෙද පොඩි වෙනසක් තියෙනවා.. ටිකක් බිවුවහම.. වෙනදට වඩා ලේසියෙන් කතා කරන්න පුළුවන්, නටන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්.. ඒක සමහර මිනිස්සු තමන්ගේ දුර්වල කම වහගන්ට බොනවා කියන එකට හොඳ උදාහරණයක්.. ඒ කියන්නේ පියවි සිහියෙන් ඉඳිද්දී සබකෝලය හෝ වෙනත් දුර්වලතා නිසා බැරි වෙන දේ බිවුවාම පුළුවං වෙන හින්දා අමාරුවෙන් බීලා සතුටු වෙනවා..

    ප්‍රමාණයට වැඩියෙන් බිවුවාම තමයි වැඩිපුරම දුක් විඳින්න වෙන්නේ.. ඒක මතින් මිදෙන්ට අපට ලැබෙන අවස්ථාවක්..

    කොහොම වුණත් සුළු මාත්‍රාවක් මත් පැන් පානය කළාට ලොකු දොසක් නෑ.. හැබැයි එක ෂොට් එක, දෙක තුන වෙන වෙන එක නම් ටිකක් හොඳ මදි..

    කොහොම වුණත් නොබී ඉන්න පුළුවන් නම් වැඩිය හොඳයි..

    කැමැත්තෝ බොත්වා
    අකැමැත්තෝ නොබොත්වා
    සැම සතුටු වෙත්වා
    රටට යහපත් කලක් යත්වා

    ReplyDelete