ඕනෑම රටක ඕනෑම දුරකථනයකට නොමිලේ sms යවන්න

Monday, February 6, 2012

ඒ අතරට ලිංගික අප්‍රාණිකත්වයත් - යළිත් වෛද්‍ය මතය තහවුරු කෙරේ.විවාහයට සුදුසුම සැමියෙකු සොයා ගැනීම තරුණියන්ගේ අද දවසේ වගකීමයි.

   මහනුවර නගරයේ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීම  උදෙසා යනුවෙන් නම් කරන ලද  පත්‍රිකාවක් මේ දිනවල මහනුවර නගරයේ බෙදා හරිනු ලැබේ.එය නිකුත් ‍කොට ඇත්තේ මහනුවර ‍‍වෛද්‍ය සංගමයයි. 1964 වර්ෂයේ පිහිටුවන ලද මහනුවර ‍‍වෛද්‍ය සංගමය , වෛද්‍ය සංගම් අතරින් ක්‍රියාශීලිම වෛද්‍ය සංගමය වන්නේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය විද්‍යාව හදාරණ සිසුන්ගේ දැනුම වැඩි වීම සහ වෛද්‍ය පර්යේෂණ කිරීමත් මහනුවර   ජනතාවගේ සෞඛ්‍යයට බලපාන  අහිතකර හේතුන් අවම කර ගැනීමට ජනතාවට සහාය දීමත් යන කරුණු නිසා. පිවිසුමේ හිත‍වතෙක් එම පත්‍රිකාව අප වෙත ලබා දුන්නේ පිවිසුමේ සියලූම සහෘද හිතවතුන් හිතවතියන් වෙත එම කරුණු යොමු කරන ලෙස කරන ලද ඉල්ලීමද සමගයි.මහනුවර වෛද්‍ය සංගමය හුනාගන්නා ලද අහිතකර සෞඛ්‍ය තත්ත්වයක් සහා බලපාන මූලික කරුණු මෙසේය.
1.මාරාන්තික ඩෙගු උණ
2. මාරාන්තික ජලභීතිකාව
3.ජංගම දුරකථනයෙන් වන හානී
4.නොසැලකිලිමත් කම නිසා වන මාර්ග අනතුරු
5.අහිතකර ආහාර ගැනීම
6.මත්පැන් හා දුම්පානය
7.විශාදය නොහොත් මානසික අවපීඩනය
8.ලිංගාශ්‍රිත රෝග
 ඉහත සියලූම තත්ත්වයන් අද වන විට අප සමාජයේ අවධානය දැඩිය යොමු කළ යුතු කරුණු ලෙසට වෛද්‍ය සංගමය අවධානය යොමු කරන්නේ ඔවුන්ගේ අත්දැකීම් සමගිනි.ඔවුන් ප්‍රතිකාර කරණූ ලබන වැඩි දෙනෙක් ඉහත තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් වීම එයට හේතුව වේ.
  පිවිසුමේ අවධානය යොමු කරනු ලබන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වෛද්‍ය මතය අප විසින් අවස්ථා කිහිපයකදීම උපුටා දක්වන ලද අතර මෙහිදී එම තත්ත්වයන් යළිත් වරක් කරළියට පැමිණ ඇත.
  මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කවර ආශ්වාදජනක තත්ත්වයක් දැන හෝ නොදැන නිර්මාණය කිරීමෙන්  කරනු ලබන්නේ අනාගත පරපුර විශාල ආගාධයක ඇද දැමීම බව මෙමගින් තවදුරටත් පැහැදිලි වේ.වර්ෂයට 20000 පමණ දුම්වැටි භාවිතය නිසා පමණක් මිය යන අවස්ථාවක දුම්වැටි කර්මාන්තය දිගින් දිගටම පවත්වා ගෙන යැමට නම් කවර හෝ ක්‍රමයකින් කර්මාන්තයේ අරමුණ වන්නේ දුම්බොන්නන් බවා ගැනීමය.
   මෙමගින් නොකියා කියැවෙන යටි අර්ථයක්ද ඇති බව විශේෂයෙන්ම තරුණියන් දැන ගත යුතුව ඇත. එනම් තම විවාහය සහා සුදුසු සැමි‍යෙකු තෝරා ගනු ලබන්නේ නම් ඔහු දුම්වැටි ඇතුළු සියළු මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටින අයෙකුද යන්නත් විමසා බැලිය යුතු වෙයි.දුම්වැටියක් හෝ කවර හෝ මත්ද්‍රව්‍යයක් පුද්ගලයෙකු භාවිතය පළමු වරට පටන්ගන්නේ තමන් ඊට ඇබ්බැහි නොවන බවත් අදට පමණක් එය භාවිතා කරනවාය යන සිතුවිල්ලෙනි.නමුත් ඇබ්බැහි වූ සියලු දෙනාගේම පළමු ආරම්භය ඇරැඹී ඇත්තේ එසේය. ඉහිට හෝ දුම්වැටි ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍යය භාවිතා කරන්නෙකු හා විවාහය සහා නුසුදුසු වන්නේ ඇයිදැයි බොහෝ අය දැනුවත්ව සිටියත් තවමත් මේ කරුණ අමතක කර විවාහා වී ජීවිතය අකාලයේ විවන අයද නැත්තේ නොවේ. මත්ද්‍රව්‍ය භාවිතය නිසා මනස විකෘති වීම,වලිප්පුව,  හදිසි මරණ ,මොළය හැකිලීම,ස්නායූ රෝග හා හෘද රෝග ,අක්මාව දිය වීම,ලිංගික අප්‍රාණිකත්වය,ශ්වසාන ආබාධ,ආඝාතය ඇතුළු රෝග ගණනාවක් සමග අද දවසේ ජිවිතය ඉතාම දුෂ්කරව ගෙන යන අය ඔබ  ඕනෑ තරම් දැක ඇත. ඔබට විවාහා  වන්නට අවශ්‍ය වන්නේ එබු රෝගියෙකු සමගද?
  අද දවසේ තරුණියන්ගේ වැඩිම ආකාර්ශණය ඇත්තේ  දුම්වැටි ඇතුළු සියළු මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටින  තරුණයන් ගැන බව නොරහසකි.
  වෛද්‍ය සංගමයේ පත්‍රිකාව මෙතැනින් බලමු.

3 comments:

  1. //අද දවසේ තරුණියන්ගේ වැඩිම ආකාර්ශණය ඇත්තේ දුම්වැටි ඇතුළු සියළු මත්ද්‍රව්‍යයන්ගෙන් වැළකී සිටින තරුණයන් ගැන බව නොරහසකි.//

    මේක ඇත්ත තමයි මම දැනුයි දැක්කේ මේ ලිපිය බොහෝම වටිනවා මේ වගේ ලිපි

    ReplyDelete
  2. වටිනා ලිපියක් තරුණ පරපුරට.

    ReplyDelete